Wednesday, September 23, 2026
HomeNEWSමහින්ද හමුවන ලෙස පොහොට්ටුව ජනපතිගෙන් ඉල්ලයි

මහින්ද හමුවන ලෙස පොහොට්ටුව ජනපතිගෙන් ඉල්ලයි

• මේ ආණ්ඩුවේ ඉහළ වෘත්තියභාවයක් අපි දකිනවාද? …………… රටේ ගුරුභවතුන්ගේ වෘත්තියභාවය ප්‍රශ්න කරනු ලබන ආණ්ඩුවේ කෙතරම් දුරට වෘත්තියභාවය ආරක්ෂා වී තිබෙනවාද යන්න බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2025.07.30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා,“ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළ සංවාදය ඇතුලේ මේ ආණ්ඩුව ගුරුභවතුන්ගේ වෘත්තියභාවය පිළිබඳව ප්‍රශ්න කරන බවක් අපිට පෙනමින් තිබෙනවා. ගුරුවරුන් කියන්නේ වෙනයම් හෝ රැකියාවකට යෑමට සුදුසුකම් නැති නිසා ගුරුවරුන් බවට පත්වෙච්ච, SMS පණිවිඩයක්වත් යවාගන්න බැරි පිරිසක් ලෙස මේ ආණ්ඩුව කියන්නේ. ජනාධිපතිවරයා සහ මහින්ද ජයසිංහ ඇමතිවරයා එවැනි අදහසක් ප්‍රකාශ කර සිටියා. හැබැයි මේ පාලකයින්ට මතක් කළ යුතුයි ඒ අය විසින් මේ නිර්ධය විදිහට ගුරුභවතුන්ගේ වෘත්තියභාවය ප්‍රශ්න කළාට මේ ආදරණිය ගුරුභවතුන් තමයි කොවිඩ් අවස්ථාවේ online මඟින් උගන්වලා මේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තමන්ගේ රාජකාරි මට්ටමෙන් එහා ගිහින් කැපවුණේ. ඒ අවස්ථාවේ ගුරුභවතුන් online මඟින් උගන්වන්න ආරම්භ කළේ අපේ ආණ්ඩුව කියා සිටින්නත් පෙරයි. මේ ගුරුභවතුන් තමයි හරිහැටි විද්‍යාගාරයක්වත් නොමැතිව පාසල්වලින් නාසා ආයතනය තුළ වුවත් වැඩකළ හැකි විද්‍යාඥයින් හදලා ලෝකයට යවලා තිබෙන්නේ. ඒ වගේම පිට්ටනියක්වත් නොමැතිව ජාත්‍යන්තර තලයේ ක්‍රිඩකයෝ නිර්මාණය කර තිබෙන්නේ ඔවුන් විසින්. ඒ වගේම රටේ ගුරුභවතුන්ගේ වෘත්තියභාවය ප්‍රශ්න කරන මේ ආණ්ඩුව කොයිතරම් වෘත්තියභාවයක් තිබෙනවාද? මේ ආණ්ඩුවේ ඉහළ වෘත්තියභාවයක් අපි දකිනවාද? අනෙකාගේ වෘත්තියභාවය ප්‍රශ්න කරන මේ ආණ්ඩුවට, ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යතුමියට සහ කැබිනට් මණ්ඩලයට තමන්ගේ වගකීම් කලාපයට අදාළ විෂය දැනුම තිබෙනවාද? අනෙකාගේ වෘත්තියභාවය ප්‍රශ්න කරන්න පෙර තමන්ගේ වෘත්තියභාවය පිළිබඳ මේ ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන්, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය ප්‍රශ්න කරගත යුතු වෙනවා. ජනාධිපතිතුමාගේ මේ ආසන්න මාලදිවයින සංචාරය දෙස බැලුවාම ඒ සංචාරය ඇතුලේ දී ඉහළ රාජතාන්ත්‍රික වාත්තියභාවයක් පේනවාද? අපිට පේන්නේ දැඩි ආයාසයකින් මවාගත්ත කෘතිම ආචාරශිලීත්වයත් එක්ක මේ සංචාරය ගත කරන බවක්. ඉතාම සුවපහසු රාජතාන්ත්‍රික වටපිටාවක තමයි මේ නුපුරුදු ආධුනිකකම ප්‍රදර්ශනය වෙන්නේ. යුද්ධය කාලයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මුහුණදුන්නු රාජතාන්ත්‍රික ප්‍රශ්න මේ ආණ්ඩුවට පැමිණියා නම් මේ ආණ්ඩුව කොයි ආකාරයට කටයුතු කරයිද කියා සිතෙනවා. යුද්ධය අවස්ථාවේ ත්‍රස්තවාදය මර්ධනය කරන්න ගත්ත තීන්දුවට එරෙහිව ලෝක බලවතුන් එකමිටට එකතුවෙච්ච අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තිබුණු රාජතාන්ත්‍රික දේශාපාලන වෘත්තියභාවය අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ගරු ජනාධිපතිතුමාට අපි කියා සිටින්නේ විවේකයක් ලැබුණු අවස්ථාවක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මුණගැහිලා මේ රාජතාන්ත්‍රික දේශපාලනයට අදාළ වෘත්තියභාවය පිළිබඳ යම් අවබෝධයක් ලබාගත්තා නම් වටිනවා. මේ ආණ්ඩුව, පාලකයෝ අනෙකාට අපහස කිරීම අතින් ඉතාම නරක තැනක සිටියේ. මනුස්සයෙක්ගේ ස්වභාවික වයෝවෘද්ධභාවය පවා උපහාසයට ලක්කර පිරිසක් තමයි අද මේ විදිහේ වෘත්තියභාවයකින් තොර හැසිරිමක් ප්‍රදර්ශනය කරන්නේ.” යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය. තිලක් තේනුවර,මාධ්‍ය අංශ ප්‍රධානි,මාධ්‍ය මධ්‍යස්ථානය,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහිව කොළඹදී පන්දම් විරෝධතාවක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලිප්ටන් වටරවුමේදී පන්දම් විරෝධතාවයක් පැවැත්විණි. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස්...

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්. දඬුවම ක්‍රියාත්මක මොහොතේ සිට නිශ්චල - චංචල දේපළ...

ආණ්ඩුවේ හොරුන්ට එරෙහිව කිසිම නීතියක් නැහැ-නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන-නාමල් රාජපක්ෂ ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. රටේ විරැකියාව වැඩි වෙනවා, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. ගොවියාගේ වී වල,...

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක්

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක් ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාව සඳහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img