Friday, September 11, 2026
HomeNEWSමානව හිමිකම් සුරකින බව ආණ්ඩුව විසින් ඔප්පු කර තිබෙන බව ඇමති විජිත...

මානව හිමිකම් සුරකින බව ආණ්ඩුව විසින් ඔප්පු කර තිබෙන බව ඇමති විජිත පාර්ලිමේන්තුවේදී පෙන්වා දෙයි

සැප්තැම්බර් මස මුලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන කෙටුම්පත ගැසට් කිරීමට කටයුතු කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසයි.“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියන එක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් වෙන දෙයක්. සැප්තැම්බර් මුල වෙනකොට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන කෙටුම්පත ගැසට් කරන්න අපි කටයුතු කරනවා.”22 පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුව කල්තැබීමේ අවස්ථාවේිදී විවාදයට එක්වෙමින් කළ කතාවට මුළු පාර්ලිමේන්තුවේම අවධානය යොමුවිය.අනුරකුමාර දිසානායක ජනාධිපතිධූරයට පත්වූවාට පසුව තිදෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් තුළින් පාර්ලිමේන්තු මහමැතිවරණයක් පැවැත්වෙන තෙක් රට පාලනය කළ බවත් පැමිණි අභියෝගවලට සාර්තකව මුහුණදීමට හැකිවූ බවත් විජිත හේරත් අමාත්‍යවරයා විසින් ප්‍රථමයෙන්ම පෙන්වාදෙන ලදී.වර්තමාන ආණ්ඩුව මානවහිමිකම් රකිමින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රට පාලනය කරන බව ප්‍රායෝගිකව පෙන්වා ඇති බවත් උතුරු නැගෙනහිර සිදුවුනායැයි කියන සිද්ධි සම්බන්ධයෙන් දේශීය යාන්ත්‍රණයක්තුළ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නාබවත් විජිත හේරත් අමාත්‍යවරයා සඳහන් කළේය.මෙරට අධිකරණය මුළුමනින්ම ස්වාධීන බවත් මේවනවිට කිසිදු දේශපාලන බලපෑමක් නීතියට අධිකරණයට එල්ලනොවන බවත් ඒ නිසා රටේ නීතිය පිළිබඳව ජාත්‍යන්තරයටද විශ්වාසයක් පවතින බවද විජිත හේරත් අමාත්‍යවරයා විසින් පෙන්වාදෙන ලදී.රටේ ජනතාවගේ කැමැත්ත අනුව ජනමත විචාරණයකට ලක්කිරීමෙන් අනතුරුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට ලබාදෙන බවත් අපරාධකරුවන්ට බේරීමට නොහැකිවන ආකාරයට නීති සම්පාදනයකොට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉදිරියේදී අහෝසිකරන බවද විජිත හේරත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img