Friday, September 11, 2026
HomeNEWSමෙක්සිකෝවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මරුට

මෙක්සිකෝවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මරුට

මෙක්සිකෝවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන “එල් මෙන්චෝ” එරට හමුදා මෙහෙයුමක් අතරතුර මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙක්සිකානු හමුදා විසින් සිදු කළ මෙහෙයුමක් අතරතුර ඝාතනයට ලක්ව ඇති බව එහි දැක්වෙයි. ජාලිස්කෝ නම් මත්ද්‍රව්‍ය හා අපරාධ සංවිධානයේ ප්‍රධානියා වනනෙමේසිඕ ඔසෙගුරා නොහොත්, ‘එල් මෙන්චෝ‘අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව මෙක්සිකානු ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි. සිද්ධියත් සමග එම සංවිධානයේ සාමාජිකයින් විසින් එරට ප්‍රදේශ රැසක මාර්ග හරස් කර රථවාහන ගිනි තබා ඇති බවට ද සඳහන්ය. ‘එල් මෙන්චෝ‘අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරක් ලබා දෙන පුද්ගලයෙකුට ඩොලර් මිලියන 15ක මුදලක් ලබාදෙන බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ද මීට පෙර ප්‍රකාශ කර තිබුණි. ඒ, අමෙරිකාවට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නෙකු ලෙස හඳුනාගෙන තිබීම හේතුවෙනි. මෙක්සිකානු ආරක්ෂක අංශ මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ ද අමෙරිකාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරුවලට අනුව බව මෙක්සිකානු බලධාරීන් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි. එහිදී ඇති වූ ගැටුම්වලදී ජාලිස්කෝසංවිධානයේ සාමාජිකයින් සිව්දෙනෙකු මියගොස් මෙක්සිකානු ආරක්ෂක අංශ සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img