Friday, September 11, 2026
HomeNEWSයෞවන සමාජ ජවිපෙ ප්‍රාණ ඇපකරුවන් බවට පත්කරලා- සජිත්ගෙන් චෝදනාවක්

යෞවන සමාජ ජවිපෙ ප්‍රාණ ඇපකරුවන් බවට පත්කරලා- සජිත්ගෙන් චෝදනාවක්

*යෞවන සමාජ ක්⁣ෂේත්‍රය ජවිපේ සමාජවාදි තරුණ සංගමයේ ප්‍රාණ ඇපකරුවන් බවට පත් කරලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*දීර්ඝ කාලයක් අප රටේ තාරුණයට ජාති ආගම් කුල මල පන්ති පක්ෂ භේදයෙන් තොරව වැදගත් නියෝජනත්වයක් ලබා දුන් යෞවන සමාජ ක්ෂේත්‍රය අද වන විට මුළුමනින්ම දේශපාලනීකරණය වී වත්මන් රජයේ අතකොලුවක් බවට පත් කර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ග්‍රහණයට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද citizen voice වැඩසටහන යටතේ යෞවන සමාජ සාමාජික සාමාජිකාවන් සමග පැවැති හමුවකදිය.*යෞවන සමාජ ක්⁣ෂේත්‍රය සමාජවාදි තරුණ සංගමය නම් දේශපාලන සංගමයේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව ඇති බවත් යෞවන සමාජ ප්‍රාදේශීය දිස්ත්‍රික් හා ජාතික සම්මේලන දක්වා ක්‍රියාත්මක වු මණ්ඩල අද කුසලතාවට නිපුණතාවට වඩා ජවිපේ යටත්විජිතබාවයට ලක්ව ඇති බවත් ඉදිරියෙ දී පැවැත්වෙන ජාතික මණ්ඩලය සදහා දේශපාලන අතකොලුවන් පත් කර ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.රාජ්‍ය බලය ආණ්ඩු බලය ඇමති නිලධාරී බලයන් උපයෝගී කර ගෙන තරුණයන්ට බලපෑම් කරන බවත් වත්මන් රජය උදුරාගත් තරුණ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තරුණයන්ට නැවත ලබා දෙන ⁣බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.වඩාත් ප්‍රගතිශීලි නුතනවාදි ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළට යොමුවන බවත් රජය මේ කළ වැරදි ක්‍රියාවලිය අහෝසි නොකළහොත් මේ පහත් දුර්දාන්ත ක්‍රියාවලියට සම්බන්ධ සියලු දෙනාට අනාගතයේ දී තරුණයන්ට පිළිතුරු දෙන්න සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.NEWS CLIP 🧧 https://youtu.be/0MkcSsHRTpE?si=uu4lkrV7v129849x

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img