Friday, September 11, 2026
HomeNEWSරජයේ කැබිනට් අමාත්‍යවරයෙකුට එරෙහිව අල්ලස් කොමිසම නඩු දැමීමට යයි

රජයේ කැබිනට් අමාත්‍යවරයෙකුට එරෙහිව අල්ලස් කොමිසම නඩු දැමීමට යයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව විසින් 2015 වසරේ පොහොර සංස්ථාවේ සේවය කරන සමයේදී අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලැබුණු දූෂණ පැමිණිලි අනුව, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇති බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.අමාත්‍යවරයාට සහ තවත් දෙදෙනෙකුට එරෙහිව රුපියල් මිලියන 8ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනු කිරීමට නියමිතය.විමර්ශනයට ලක් වූ ටෙන්ඩරයක් අනුමත කළ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජයකොඩි මහතා කටයුතු කර තිබේ.අදාළ ටෙන්ඩරයේ ගෙවීම් ක්‍රියාපටිපාටි සම්බන්ධයෙන් සැක මතුවීමත් සමඟ මෙම විමර්ශනයන් ආරම්භ වී ඇත.අල්ලස් කොමිසම විසින් මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ විමර්ශනද සැලකිල්ලට ගනිමින් නැවත පරීක්ෂණ ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img