Monday, September 14, 2026
HomeNEWSරට භාරගන්නා විට පැවති තත්ත්වය අනුව ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් වෙනස් කළ...

රට භාරගන්නා විට පැවති තත්ත්වය අනුව ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් වෙනස් කළ නොහැකි බව ඇමති විජිත පෙන්වා දෙයි

වත්මන් රජය රට භාරගන්නා විට පැවති තත්ත්වය අනුව ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් වෙනස් කළ නොහැකි බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේයශ්‍රී ලංකාව තුළ වඩාත් විනිවිදභාවයකින් යුත් ආයෝජන-හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමට රජය කැපවී සිටින බවයි. ඒ අනුව, විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශයන්හි ව්‍යාපාර පවත්වාගෙන යන ශ්‍රී ලාංකික සමාගම්වලට මෙරට ආයෝජන අවස්ථා පුළුල් කරන ලෙස ඔහු ආරාධනා කළේය.කොලඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ස්වකීය කැමැත්තෙන් නැවත මෙරටට පැමිණීමට අවශ්‍ය පරිසරය සැකසීම රජයේ දීර්ඝකාලීන සැලසුම බවයි. මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින්, වඩා හොඳ ජීවන තත්ත්වයක් අපේක්ෂාවෙන් විදේශගත වීමට රටවැසියන්ට අවශ්‍ය නොවන තත්ත්වයක් නිර්මාණය කිරීම අරමුණයි. මේ සඳහා, විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවට සාමුහික උත්සාහයකට එක්වන ලෙස ඔහු ඉල්ලා සිටියේය. ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට මෙරට සියලු අංශවල ආයෝජනය කිරීමටද මෙහිදී ආරාධනා කරන ලදී.හේරත් මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, ශ්‍රී ලංකාව අගනා සම්පත් සහිත මනරම් දිවයිනක් වන අතර, ස්වභාවික සෞන්දර්ය අතින් ලෝකයේ ඉහළම ස්ථානයක් ගන්නා බවයි. කෙසේ වෙතත්, අතීතයේ පැවති වැරදි ප්‍රතිපත්ති හේතුවෙන් රටේ ආර්ථිකය කඩා වැටුණු බවත්, වත්මන් ජාතික ජන බලවේග රජය භාරගන්නා විට දේශපාලනික හා සංස්කෘතික වශයෙන් පරිහානියට පත් වූ බංකොලොත් තත්ත්වයක රට පැවති බවත් ඔහු ප්‍රකාශ කළේය.වත්මන් රජය රට භාරගන්නා විට පැවති තත්ත්වය අනුව ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් වෙනස් කළ නොහැකි බව අමාත්‍යවරයා පිළිගත්තේය. එහෙත්, නිවැරදි ව්‍යුහයන් යටතේ වංචාවට හා දූෂණයට කිසිදු ඉඩක් නොතබමින් මෙරට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට රජය දැඩිව කැපවී සිටින බව විදේශ කටයුතු අමාත්‍ය විජිත් හේරත් මහතා අවසාන වශයෙන් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img