Wednesday, September 23, 2026
HomeNEWSරනිල්, නාමල්, දිලිත් හමුවක්... කතා කළේ මොනවාද?

රනිල්, නාමල්, දිලිත් හමුවක්… කතා කළේ මොනවාද?

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා භූතාන සංචාරය සාර්ථකව නිමකර ලංකාවට පැමිණියේ ගිය ඉරිදාය.ඔහුට සඳුදා විශේෂ මංගල උත්සවයකට සහභාගී වීමට නියමිතව තිබිණි.ඒ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අනූෂ පැල්පිටගේ දියණියගේ විවාහ මංල්‍යයයි.

කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී ඒ විවාහ මංගල්‍යය පැවැත්විණි.විවාහ මංගල්‍යයට රනිල් පැමිණෙන විට හිටපු ජනපති මහින්ද දිවා භෝජනය ගැනීමට ගොස් සිටියේය.නමුත් රනිල් එන විට විශේෂ අමුත්තන් කිහිප දෙනෙක්ම පෙර මග රැඳී සිටියහ.

හත් වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,නාමල් රාජපක්ෂ,අනුර ප්‍රියදර්ශන යාපා එලෙස හෝටල් ආලින්දයේ කොනක කතා බස් කරමින් සිටියහ.රනිල් කෙලින්ම ගියේ ඒ අසලටයි.රනිල් එනු දුටු නාමල් ඉදිරියට පැමිණ ” සර්,භූතාන සංචාරය කොහොමදැයි අසූයේ ඉංග්‍රීසි බසිනි.

” ගොඩක් හොඳයි, භූතානය කියන්නේ වේගයෙන් දියුණු වෙන රටක්” යැයි කියූ රනිල් භූතානය ගැන කෙටි විස්තරයක් කළේය.වැඩි වේලාවක් නොගොස් එම සංවාදය මුළුමනින්ම දේශපාලන පැත්තට ගමන් කළේය.

” අද ඇතිවෙලා තියෙන්නෙ වෙනදට වඩා විශේෂිත තත්ත්වයක්.වෙනදට අපි බලය නැතුව හැප්පුනේ බහුතර කණ්ඩායම එක්ක.අද තියෙන්නේ ඊට වෙනස් තත්ත්වයක්.ජනාධිපතිට සහ මාලිමා ආණ්ඩුවට අද තියෙන්නේ සුළුතරයක් බලයක්.බහුතරය ඉන්නේ ඊට විරුද්ධව.ගැටළුව තියෙන්නේ බහුතරයගේ එකතුව තාම හැදිලා නැති එකයි.ඉක්මනට කළ යුත්තේ ඒ එකතුව ඇතිකරන එකයි”රනිල් කීවේය.

ඊට පිළිතුරු දෙමින් නාමල් පැවසූයේ දැනටමත් ගම් මට්ටමින් සංවිධාන කටයුතු ආරම්භ කර තිබෙන බවයි.දිස්ත්‍රික්ක බොහොමයක සංවිධාන වැඩ මේ වන විටත් අවසන්ව ඇති බව නාමන් රනිල්ට දැනුම් දුන්නේය.

” නගර වලට හිර වෙන්නේ නැතුව ගමට යන එක තමයි හොඳ.ගමට ගිහිල්ල වැඩ කටයුතු ආරම්භ කරන්න” රනිල් උපදේශාත්මකව පැවසීය.

සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් සෝමරත්න විදානපතිරණද එහි සිටියේය.

” සර්,අලි ඇතුන් ගැන අලුත් ගැසට්ටුවක් ගහලා තියෙනවා.අලි ඇතුන්ට දංවැල් දාන්න බෑ කියලා ඒකෙ තියෙන්නේ.අලි ඇතුන් ඇවිද්දන ප්‍රමාණයත් සීමා කරන්න අවශ්‍යයි කියලා එහි තියෙනවා.ඒ වගේම අලි ඇතුන් වැඩි කාලයක් හිටවලා තියන්න එපා කියලත් සඳහනක් තියෙනවා” හිටපු ලේකම්වරයා කීය.

ඉන් පුදුමයට පත් වූ රනිල් ” එහෙනම් අලි ඇතුන් බඳින්නේ පිරිත් නූල් වලින් දැයි විමසූයේ සිනාමුසුවය.ඒක පිළිතුරු දෙමින් හිටපු ලේකම්වරයා නව ගැසට්ටුව ගැන කෙටි හැඳින්වීමක් කළේය.
” මේක කරන්නේ අලි ඇතුන්ට තියෙන ආදරේට නෙමෙයි.අලි ඇතුන් සමහර වෙලාවට එක පළාතක ඉඳන් තවත් පලාතකට අලි කොරිඩෝ හරහා ගමන් කරන අවස්ථා තියෙනවා.අනික අපි දන්න විදිහට නම් අලි ඇතුන් දවස පුරාම හිටගෙන තමයි ඉන්නේ.මේ කරන්න යන්නේ පෙරහර කරන එක නතර කරලා ඒ අයගේ අරමුණු ඉටු කර ගන්න ” රනිල් විස්තර කළේය.

එම මංගල උත්සවයේ ආරාධිතයකු ව සිටි හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න ඇමතූ රනිල් අදාල ගැසට්ටුව ගැන කරුණු කීම සඳහා වහා මාධ්‍ය හමුවක් කැඳවන්නැයි උපදෙස් දුන්නේය.එජාප සභාපති වජිර, මාන්නප්පෙරුම සහ පසිඳු ඊට යොදවන ලෙසද උපදෙස් ලැබිණි.
” අපි මේ පනත සම්බන්ධයෙන් අපේ අදහස්ද යෝජනාද එහිදී ප්‍රකාශ කළ යුතුයි”යනුවෙන්ද රනිල් එහිදී සඳහන් කළේය.

ඉන් පසුව රනිල්ට මුණ ගැසුනේ දිලිත් ජයවීරයි ” ඔයගොල්ලෝ එකතු වෙනවාට අමතරව විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ආදී ප්‍රශ්න ගැන ගම් මට්ටමින් දැනුවත් කිරීම් අරඹන්න උවමනයි” රනිල්- දිලිත් අමතමින් පැවසීය.

එහිදී දිලිත් පැවසූයේ ගම් මට්ටමින් තමන්ද වැඩසටහන් ආරම්භ කර තිබෙන බවයි.
” ඒක ප්‍රමාණවත් නැහැ දිලිත්” රනිල්ගේ පිළිතුර විය.

” ඔබතුමා තමයි මෙතන නායකත්වය ගන්න ඕන” දිලිත්- රනිල් කියූ දෙයට උත්තරයක් දුන්නේ එලෙසිනි.

” ඔයගොල්ලෝ නියමිත වැඩ කොටස කරන්න.මම වෙලාවට බැහැල මගේ වැඩ කොටස කරලා දෙන්නම්” රනිල් පැවසීය.
” හරි එහෙනම් මම ඔබතුමා කියන දවසක ඇවිත් මුණ ගැහෙන්නම්.අපි එකට වැඩ කරමු යැයි දිලිත් කීය.

අනතුරුව රනිල් මංගල උත්සවයට සහභාගී වී සිටි ඩී.වී චානක, ජෝන්ස්ටන් ප්‍රනාන්දු ආදී නායකයන්ද හමුවී කතා බහ කළේය. පුවත්පත් කතුවරු සහ මාධ්‍යවේදීහුද ඊට සහභාගී වී සිටියහ.රනිල් නික්ම ගියේ දිවා භෝජනයත් රැගෙනයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහිව කොළඹදී පන්දම් විරෝධතාවක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලිප්ටන් වටරවුමේදී පන්දම් විරෝධතාවයක් පැවැත්විණි. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස්...

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්. දඬුවම ක්‍රියාත්මක මොහොතේ සිට නිශ්චල - චංචල දේපළ...

ආණ්ඩුවේ හොරුන්ට එරෙහිව කිසිම නීතියක් නැහැ-නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන-නාමල් රාජපක්ෂ ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. රටේ විරැකියාව වැඩි වෙනවා, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. ගොවියාගේ වී වල,...

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක්

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක් ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාව සඳහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img