Sunday, September 6, 2026
HomeNEWSලෝක ඡායාරූප දින සැමරුම අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

ලෝක ඡායාරූප දින සැමරුම අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

​ලෝක ඡායාරූප දිනය සැමරීම වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් ඡායාරූපශාලා හිමියන්ගේ සංගමය සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවය අද (18) දින වැලිසර Wave and Lake උත්සව ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාව සඳහා දිවයින පුරා විසිරී සිටින වෘත්තීය ඡායාරූපශාලා හිමියන් සහ ඡායාරූප ශිල්පීන් විශාල පිරිසක් සහභාගී වූහ. මෙහිදී මෙම විශේෂ දිනය වෙනුවෙන් සමරු මුද්දරයක් එළිදැක්වීමද සිදු කෙරිණි.

​මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ, මානව ඉතිහාසය, සංස්කෘතිය සහ සමාජයීය සිදුවීම් අනාගත පරම්පරාව උදෙසා සාක්ෂි ලෙස සුරක්ෂිත කර තැබීමට ඡායාරූප ශිල්පීන් ඉටුකරන සේවය අතිශය අනභිභවනීය වන බවයි. තාක්ෂණික දියුණුවත් සමඟ ඡායාරූපකරණය ඩිජිටල්කරණයට ලක්වුවද, මිනිස් ජීවිතයේ සුඛ දුක්ඛයන් සහ සංස්කෘතික උරුමයන් කැමරා කාචයේ සටහන් කර ගනිමින් ඉතිහාසය නිර්මාණය කරන්නේ ඡායාරූප ශිල්පීන් බවද එතුමා පෙන්වා දුන්නේය.

​ඡායාරූප ශිල්පීන් මුහුණ දෙන වෘත්තීය ගැටලු පිළිබඳව අවධානය යොමු කළ අමාත්‍යවරයා, ජාතික හැඳුනුම්පත්, විදේශගමන් බලපත්‍ර සහ රියදුරු බලපත්‍ර සඳහා ඡායාරූප ලබාගැනීමේදී මතුව ඇති අභියෝග සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය. එසේම, මෙම වෘත්තියේ ගරුත්වය සහ අභිමානය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් ලෙස සලකා කටයුතු කරන බවද එතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

​එමෙන්ම ඡායාරූප ශිල්පීන් සතු සංවිධාන ශක්තිය සහ කැමරාවේ ඇති බලය රටේ යහපත් වෙනසක් වෙනුවෙන් යොදාගනිමින් ශ්‍රී ලාංකේය සමාජයේ උන්නතිය උදෙසා දායක වන ලෙසද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. සමස්ත ලංකා වෘත්තීය ඡායාරූප හිමියන්ගේ සංගමයේ 20 වැනි සංවත්සරය ද සලකුණු කෙරුණු මෙම අවස්ථාවේදී, සංගමයේ ඉදිරි ගමනට සහ සියලු වෘත්තීයවේදීන්ට අමාත්‍යවරයා සිය සුභාශිංසන පිරිනමන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img