Sunday, September 6, 2026
HomeNEWSවිදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට රක්ෂිත...

විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාරයට

විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට මහතා ලබන මස හයවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඔහු අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටක මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මොහුව අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ, එම කොමිසම විසින් මූලික ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුවය. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ් නිලධාරියා කියා සිටියේ, 2015 වසරේ මාර්තු මස ලැබුණු පැමිණිල්ලකට අනුව සිය කොමිසම විසින් මෙම විමර්ශනය ආරම්භ කළ බවය.ඉන් අනතුරුව 2026 වසර දක්වා වරින් වර මේ සැකකරුගේ ප්‍රකාශ, දිවුරුම් ප්‍රකාශ සහ ලේඛන ගෙන්වා විමර්ශන සිදු කළ බවත් එම නිලධාරියා සඳහන් කළේය. 2012 වසරේ මාර්තු 31 වන දා සිට 2014 වසරේ මාර්තු 31 වනදා අතර කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 46 කට ආසන්න වත්කම් උපයාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරියා කියා සිටියේය. ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් ඔහු පැවසීය. සැකකරු සඳහන් කරන ආකාරයට රුපියල් මිලියන 11ක් ලැබුණු ආකාරය ඔහු විසින් පැහැදිලි කර නොමැති බව සඳහන් කළ එම නිලධාරියා එම මුදල සිය බිරිඳගේ සහෝදරිය හා සහෝදරයෙකු ලබාදුන් බව ප්‍රකාශ කර ඇති බවත් කීවේය. ඉන් රුපියල් මිලියන තුනක් සැකකරුගේ සහෝදරියක් විසින් ලබා දුන් බව සඳහන් කර ඇති අතර එම සහෝදරියගෙන් විමසූ විට ඉඩමක් විකුණා අදාල මුදල සැකකරුට ලබාදුන් බව පැවසුවත් විකුණු ඉඩම පිහිටා තිබෙන ස්ථානය ප්‍රකාශ කිරීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.ඊට අමතරව තවත් මිලියන අටක මුදලක් සහෝදරයෙකු විසින් ලබාදුන් බව සැකකරු ප්‍රකාශ කළත් එම මුදල ලැබුණු ආකාරය පැහැදිලි කිරීමට ඔහු අසමත් වී තිබෙන බව ද අදාළ නිලධාරියා සඳහන් කළේය. මෙම සැකකරු අදාළ මුදල් උපයාගත් ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමට අසමත් වී ඇති බවත් මේ සිද්ධියට අදාළව සැකකරුගේ බිරිඳගේ, ඇයගේ සහෝදරියකගේ හා සහෝදරයකුගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බවත් එම නිලධාරියා දැනුම් දුන්නේය.මෙම සැකකරු ඇපමත මුදා හරිනු ලැබූවොත් එම සාක්ෂිකරුවන්ට බාධා සිදු බලපෑම් සිදු කිරීමට හැකියාව පවතින හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, සිය සේවාදායකයා විමර්ශනවලට අවශ්‍ය සියලු සහාය ලබා දී තිබෙන බවය.මෙම විමර්ශනවලට අවශ්‍ය ලේඛන මීට වසර 11 කට පමණ පෙර සැකකරු විසින් අල්ලස් කොමිසමට ලබාදී ඇති බවත් සැකකරු කිසිදු අවස්ථාවක සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇති බවට කරුණු අනාවරණය වී නොමැති බවත් ඔහු විසින් පෙන්වා දෙන ලදී.එමෙන්ම සැකකරුගේ ආදායම් උපයා ගැනීම්වලට අදාළ ලේඛනයක් ද අද (23) දින නීතිඥවරයා විසින් විවෘත අධිකරණයට ඉදිරිපත් කර තිබේ.ඒ අනුව මෙම සැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීමට තරම් ප්‍රමාණවත් කාරණා ඉදිරිපත්වී නොමැති හෙයින් ඔහු ඇපමත මුදාහරින ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම සැකකරු විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබාදීම මගහැර තිබෙන බවට අල්ලස් කොමිසම විසින් ප්‍රකාශ කර තිබෙන බවය. මෙම සැකකරුගේ එම ක්‍රියා කලාපය දෙස සලකා බැලීමේදී ඔහු සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ හැකියාවක් පවතින බැවින් මෙය ඇප ලබාදිය හැකි වරදක් වුවත් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කළ, මහේස්ත්‍රාත්වරයා ඔහු ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. එමෙන්ම විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසත් අල්ලස් කොමිසමට නියම කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img