Tuesday, September 22, 2026
HomeNEWSවිගණකාධිපති හා නීතිපති ගැන සඳහන් කරමින් ආණ්ඩුවට එරෙහිව සුජීවගෙන් ජාත්‍යන්තරයට ලිපියක්

විගණකාධිපති හා නීතිපති ගැන සඳහන් කරමින් ආණ්ඩුවට එරෙහිව සුජීවගෙන් ජාත්‍යන්තරයට ලිපියක්

මේ දක්වා විගණකාධිපති කෙනෙක් පත් නොකිරීම සහ නීතිපතිවරයාට සිදුකරණ බලපෑම් සම්බන්ධයෙන් ජනාධිපති ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුවට එරෙහිව අද(23) දින ජාත්‍යන්තරය දැනුවත් කිරීමට තීරණය කළ බව සමගි ජනබල සන්ධානයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ ප්‍රකාශ කරනවා.මෙම දැනුම් දීම ලිඛිතව මෙරට සියළුම තානාපතිවරුන්ට, මහ කොමසාරිස්වරුන්ට අද දින යැවීමට කටයුතු කළ බවද මන්ත්‍රිවරයා සඳහන් කරනවා.මීට අමතරව ඇමරිකානු ජනාධිපති ප්‍රමුඛ ලෝකයේ සියළුම රටවල රාජ්‍ය නායකයින්ට, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට, ලෝක බැංකුවට, පොදු රාජ්‍ය මණ්ඩලයට, ආසියානු සංවර්ධන බැංකුවට, ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම ඇතුළු ජාත්‍යයන්තර සංවිධාන රැසකට ලිඛිතව මෙම දැනුම් දීම සිදුකළ බව ද මන්ත්‍රිවරයා ප්‍රකාශ කළා.විගණකාධිපතිවරයා පත්නොකිරීම, නීතිපතිවරයාට බලපෑම් කිරීම ඇතුළු ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු රැසක් සිදුකරමින් වර්තමාන ආණ්ඩුව කටයුතු කරන බවත් මේ ගැන කඩිනමින් අවධානය යොමුකරන ලෙසට තමා ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින බවත් සුජීව සේනසිංහ මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img