Sunday, November 22, 2026
HomeNEWSදස දෙනෙකු ඝාතනය කළ හෙදිය තවත් ඝාතන සියයක් කළ බවට සැකයක්

දස දෙනෙකු ඝාතනය කළ හෙදිය තවත් ඝාතන සියයක් කළ බවට සැකයක්

බටහිර ජර්මනියේ රෝගීන් දස දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඬුවම් ලැබ සිටින හෙදිය තවත් ඝාතන 100කට සම්බන්ධ විය හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.රජයේ නීතිඥවරියක් මාධ්‍ය වෙත අදහස් පළ කරමින්, ප්‍රකාශ කර ඇත්තේ මෙම සංඛ්‍යාව අනුරූපව ඉහළ යා හැකි සැක සහිත නඩු සංඛ්‍යාවක් සමාලෝචනයට ලක්ව ඇති බවය.කෙසේ වෙතත් මෙය මූලික සැකයක් වන බවත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව ඉන් ඇතැම් ප්‍රමාණයක් ඉවත දැමිය හැකි බවත් ඇය ප්‍රකාශ කරයි. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී, බටහිර ජර්මනියේ, ආචෙන්හි ප්‍රාදේශීය අධිකරණයක් විසින් ඝාතන චෝදනා 10කට සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා 27කට වරදකාරිය කරමින් ඇයට ජීවිතාන්තය දක්වා දඬුවම් නියම කෙරුණි. රාත්‍රී සේවා මුරවලදී එම හෙදිය විසින් වෛද්‍යමය සාධාරණීකරණයකින් තොරව බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන්ට අධික මාත්‍රාවක් අවසාදිත සහ වේදනා නාශක ලබාදී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ විය. හෙදිය විසින් ඖෂධය නැවත නැවත ලබාදී ඇති බවත්, විත්තිකරු එහි මාරාන්තික ප්‍රතිවිපාක පිළිබඳව දැන සිට ඇති බව සඳහන් වේ.කෙසේ වෙතත් විත්තිකාරිය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කර ඇත්තේ, රෝගීන්ට නිදා ගැනීමට උපකාර කිරීමට තමා අදහස් කළ බවත්, ඔවුන්ගේ ශරීරයේ පවතින අභ්‍යන්තර රෝගාබාධ හේතුවෙන් ඖෂධ මාරාන්තික අවදානමක් ඇති කරන බව විශ්වාස නොකළ බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අයවැයෙන් සුරංගනා ලෝක පෙන්වා පොලී අනුපාත වැඩි කර පරමානු බෝම්බයක් දැම්මා – විපක්ෂ නායක සජිත්

අයවැයෙන් සුරංගනා ලෝක පෙන්වා පොලී අනුපාත වැඩි කර පරමානු බෝම්බයක් දැම්මා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ජීවන වියදම වැඩි වී ජීවන බර වැඩි...

සංචාරක කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව SLAITO සහ THASL සමඟ ඇමති විජිත සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව SLAITO සහ THASL නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මුහුණ දෙන වත්මන් ගැටලු සහ ඒවාට විසඳුම්...

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවිය ඊයේ (21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇත. ඒ හේතුවෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයට පැමිණෙනවානම් වේලාවක් වෙන්කරගෙන (Appointment)...

ඉරානය විසින් බහරේනයේ කාර්මික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කරයි

ඉරානය විසින් කාර්මික මධ්‍යස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් ගිනි ගැනීමක් සහ දේපළ හානි සිදුවූ බව බහරේනය පවසයි; ගල්ෆ් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකකටද ඉරානයෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img