Wednesday, September 23, 2026
HomeNEWSවිදේශ අමාත්‍ය විජිත හේරත් විසින් පිලිපීනයේ පළමු ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය...

විදේශ අමාත්‍ය විජිත හේරත් විසින් පිලිපීනයේ පළමු ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය විවෘත කරයි

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පිලිපීනයේ පළමු ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය විවෘත කරයි

පිලිපීනය සමඟ පවතින ද්වීපාර්ශ්වික සබඳතාවල වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් 2026 ජූලි 25 වන දින ඩාවෝ නගරයේදී (Davao City) පිලිපීනයේ පළමු ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය නිල වශයෙන් විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක තල්පහේවා, තානාපති කාර්යාලයේ අනුයුක්ත/කොන්සුල් නිලධාරිනී චතුරි කල්පනා, මින්ඩනාඕ හි ශ්‍රී ලංකා කොන්සියුලර් විලියම් චෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී හැරල්ඩ් ඩුටර්ටේ සහ ඩාවෝ නගරයේ නගර සභා මන්ත්‍රීවරුන් ඇතුළු රාජ්‍ය හා ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.

​ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර 65 වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම් වැඩසටහන්වල කොටසක් ලෙස මෙය විවෘත කිරීම සුවිශේෂී වේ. මෙම කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීම මඟින් දෙරට අතර පවතින චිරස්ථායී මිත්‍රත්වය සහ පුළුල් පරාසයක විහිදුනු ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඇති අන්‍යෝන්‍ය කැපවීම පිළිබිඹු වේ.

​මින්ඩනාඕ හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම පිලිපීන ජාතිකයින්ට කොන්සියුලර් සේවාවන් වඩාත් පහසුවෙන් ලබා ගැනීමේ වර්ධනය වන අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කරමින් ඩාවෝ නගරය මේ සඳහා තෝරා ගන්නා ලදී. මෙතෙක් බොහෝ පිරිසකට සිය කොන්සියුලර් අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා බොහෝ විට දේශීය ගුවන් ගමන් මගින් මැනිලා නුවර වෙත යාමට සිදු විය. මෙම කොන්සියුලර් කාර්යාලය පිහිටුවීම මඟින් කාලය සහ පිරිවැය ඉතිරි කර ගනිමින් අදාළ සේවාවන් ලබා ගැනීමට පහසු ප්‍රවේශයක් හිමිවේ.

​කොන්සියුලර් කාර්යභාරයට අමතරව, ඩාවෝ යනු දකුණු පිලිපීනයේ වැදගත් ආර්ථික මධ්‍යස්ථානයක් වන අතර, ශ්‍රී ලංකාව සහ මින්ඩනාඕ අතර වෙළඳ, ආයෝජන, සංචාරක, අධ්‍යාපනික සහ සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහාද විශාල අවස්ථාවන් ලබා දෙයි. මෙම කොන්සියුලර් කාර්යාලය මෙම වර්ධනය වන ආර්ථික හා ජනතා සම්බන්ධතා ශක්තිමත් කරන පාලමක් ලෙස ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

​එහිදී අදහස් දැක්වූ විදේශ අමාත්‍ය හේරත් මහතා මෙසේ පැවසීය: “පිලිපීනයේ පළමු ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීම කොන්සුල් සේවාවන් වැඩිදියුණු කිරීමේ ප්‍රායෝගික පියවරක් මෙන්ම ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින චිරස්ථායී මිත්‍රත්වයේ සංකේතයකි. රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 65ක් පිරීම සමරන මෙම අවස්ථාවේදී, දෙරටේ ජනතාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරන අතරම වෙළඳ, සංචාරක, ආයෝජන, අධ්‍යාපන සහ සංස්කෘතික හුවමාරු ක්ෂේත්‍රවල අපගේ සහයෝගීතාව පුළුල් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.”

​තෝරාගත් කොන්සියුලර් සේවාවන් සපයා දීමට සහ මින්ඩනාඕ හි ද්වීපාර්ශ්වික ආර්ථික, සංස්කෘතික හා ජනතා සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම සඳහා සම්බන්ධීකාරකයෙකු ලෙස ක්‍රියා කිරීමට මෙම කොන්සියුලර් කාර්යාලය සහාය වනු ඇත. මෙම නවීන හා මනාව සංවිධානය වූ කොන්සියුලර් කාර්යාලය කාර්යක්ෂම, සුගම සහ ජනතාවට හිතකාමී කොන්සියුලර් සේවාවක් සැපයීමට සැලසුම් කර ඇත. මෙම කොන්සියුලර් කාර්යාලය පිහිටුවීම මගින් ඉදිරි වසරවලදී දෙරටේම ජනතාවගේ යහපත උදෙසා වඩාත් ශක්තිමත් සහකාරිත්වයක් ගොඩනැගීමට දෙරටම ඇති කැපවීම පෙන්නුම් කරයි.

​විශාල ශ්‍රී ලාංකිකයින් පිරිසක්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙන්ම පිලිපීන සුභපතන්නන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

​ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
පිලිපීනය
​2026 ජූලි 26

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහිව කොළඹදී පන්දම් විරෝධතාවක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලිප්ටන් වටරවුමේදී පන්දම් විරෝධතාවයක් පැවැත්විණි. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස්...

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්. දඬුවම ක්‍රියාත්මක මොහොතේ සිට නිශ්චල - චංචල දේපළ...

ආණ්ඩුවේ හොරුන්ට එරෙහිව කිසිම නීතියක් නැහැ-නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන-නාමල් රාජපක්ෂ ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. රටේ විරැකියාව වැඩි වෙනවා, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. ගොවියාගේ වී වල,...

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක්

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක් ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාව සඳහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img