Tuesday, September 22, 2026
HomeNEWSවිදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම ඓතිහාසික පුරාණ විහාරස්ථානයේදී සිදුවිණි.

ඒ එම විහාරස්ථානයේ බෝ සමිඳුන් රෝපණය කොට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කොට තිබූ මහා බෝ වන්දනාව සහිත ශ්‍රී මහා බෝධි රාජ පෙරහැර මංගල්‍යය සඳහා ඔවුන් සහභාගී වූ අවස්ථාවේදීය.

එදින සවස 3.00 පමණ වන විට මහ බෝ වන්දනාවෙන් පෙරහැර මංගල්‍යය ආරම්භ වීමට නියමිතව තිබූ අතර වජිර ඊටත් පෙර එම විහාරස්ථානයට පැමිණියේ වජිරත් එම විහාරස්ථානයත් අතර ඉතා සුහද සම්බන්ධතාවයක් පවතින නිසාවෙනි.
සෑම වසරකම මෙම විහාරස්ථානයේ පැවැත්වෙන පෙරහර මංගල්‍යයේ ප්‍රධාන ආරාධිත වශයෙන් වජිර සහභාගී වි තිබීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් මෙවර පෙරහැර මංගල්‍ය සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාටත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් විහාරාධිපතියන් විසින් ආරාධන කොට තිබුණේ මෙම පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදී තිබෙන නිසාවෙනි. එම රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන වැඩකටයුත්තද මීට ඉහතදී සම්පාදනය කර දී තිබුණේ වජිර විසිනි.

බෝ වන්දනාව ආරම්භයට පෙරම පැමිණ සිටි වජිර පෙරහැර සඳහා සහභාගී වන ප්‍රධාන අමුත්තන් මෙන්ම මීට සහභාගී වූ ජනතාව පිළිගත්තේ ඉතා කුළු පගු ලෙසිනි.

විජිත හේරත් මහතාවද වජිර විසින් පිළිගෙන ප්‍රධාන ආරාධිත අමුත්තන් සඳහා වෙන් කොට තිබෙන ශාලාව වෙත රැගෙන ගොස් බොහෝ වේලාවක් සුහද කතා බහක යෙදී තිබුණි. මෙම කතා බහේදී ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දේශපාලනඥයින් මෙන්ම විපක්ෂය නියෝජනය කරන දේශපාලනඥයින්ද එක්ව තිබූ අතර දේශපාලන භේද පසෙක දැමු ඉතා සුහද කතා බහක් බවට මෙය පත් වී තිබුණි.

මහින්ද රාජපක්ෂ මහතා සධාතුක කරඬුව තැන්පත් කරන අවස්ථාවට පැමිණි අතර වජිරත්, විජිතත් එය තැන්පත් කිරීමේදී රාජපක්ෂ මහතාට මුල් තැන දුන්නේ ජ්‍යෙෂ්ටත්වයට ගරු කරමිනි. ඔහුත් සමගම එකතුව වජිරත්ථ විජිතත් සධාතුක කරඬුව හස්ති රාජයා පිට තැන්පත් කර අතර එය බලා සිටි ජනතාවට නම් කුතුහලය දක්වන කාරණයක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක ප්‍රකාශ කරයි

22 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන අතර, එය තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ හැකි බව, ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දන්වයි.

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img