Monday, September 21, 2026
HomeNEWSවිධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ කවදාද ?

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ කවදාද ?

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ කවදාද ? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයිශ්‍රී ලංකා ජනරජයේ පරාමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය සහ පරමාධිපත්‍ය අත්හල නොහැක්කේය යනුවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බවත් ජනතා පරමාධිපත්‍ය උපරිම ලෙස බලගැන්වීමට ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අන්‍යෝන්‍ය අවබෝධයෙන් මෙන්ම ස්වාධීනව කටයුතු කළ යුතු බවත් බහුතර බලයක් සහිත ආණ්ඩුවක් යටතේ මෙම ආයතන ව්‍යූහයන්හි ස්වාධිනත්වයට බාධා වීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර එහි වෙනසක් මෙම ආණ්ඩුව යටතේ ද දැකිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.ආණ්ඩුවේ ජනතා පරමාධිපත්‍ය සුරැකීමේ සත්භාවය පරීක්ෂා කිරීමේ නිර්නායක වන්නේ ඒවායේ ක්‍රියාත්මකාරීත්වය උපරිම වශයෙන් බලගැන්වීමට සිදු කරන පහසුකම්කරණය සහ හඳුන්වාදෙන ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටු අංක 194 සදහන් පරිදි රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට අපේක්ෂා කරන්නේ නම් එම කටයුතු ආරම්භ කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට මෙම පාර්ලිමේන්තුව සම්බන්ධ කර ගන්නේ කවදාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතයත් ඒ සදහා වන දිනවකවානු ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.පළාත් සභා ඡන්දය පවත්වන්නේ කවදාද?රජය පළාත් සභා ඡන්දය පැවැත්වීමට අපේක්ෂා කරන දිනයත් පළාත් සභා ඡන්දය තවදුරටත් සීමා නිර්ණයකට හිර කොට ප්‍රමාද කිරීම රජයේ ස්ථාවරයද මෙන්ම පැරණි සමානුපාතික ක්‍රමයට පැවැත්වීමේ ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් බිදී ගිය ජනතා විශ්වාසය නැවත ගොඩනගන බවට වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව ඇති බැවින් ඒ සදහා පළාත් බද රජයේ ප්‍රධාන අධිචෝදක කාර්යාල ඇති කරන බව සඳහන් නිසා එම පොරොන්දුව ඉටු කරන දිනය ඉදිරිපත් කරන ලෙසයි.අධිකරණයට වන බලපෑම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇගයුම් මොනවාද?තවද මහජන අවධානය වැඩි වශයෙන් යොමුව ඇති නඩු කටයුතු හා සම්බන්ධ ඇතැම් විනිශ්චයකාරවරුන් ස්ථානමාරු කිරිම, වැඩතහනම් කිරීම උසස්වීම් දීම සම්බන්ධයෙන් සමාජයේ කථිකාවතක් ආරම්භ වී ඇති නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇගයුම ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ වරයා පැවසීය.කල් ගන්න එපා කඩිනම් පැහැදිලි කිරීමක් දෙන්නමෙවැනි වැදගත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රජයෙන් කඩිනම් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් මේ සඳහා කල් ඉල්ලීම ගැන සිතා ගත නොහැකි බවත් මේවා මැතිවරණ ප්‍රකාශයේ පවා සදහන් බැවින් කඩිනම් පිළිතුරු ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.https://youtu.be/m7nQnVhOf_A?si=Vz4M5_XXIw3CgRO_

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්‍රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා මහතා පත් කර තිබේ. අභියාචනාධිකරණයේ සභාපති ලෙස...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img