Monday, September 14, 2026
HomeNEWSවිපක්‍ෂය ඒකාබද්ධ වී රට පුරා රැස්වීම් දාහක් පවත්වන බව රනිල් කියයි

විපක්‍ෂය ඒකාබද්ධ වී රට පුරා රැස්වීම් දාහක් පවත්වන බව රනිල් කියයි

විපක්‍ෂය ඒකාබද්ධ වී රට පුරා රැස්වීම් දාහක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවත් ඒ අනුව ඉදිරි දේශපාලන කටයුතු සිදු කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රයිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ව අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධව අද (20) විශේෂ අදහස් දැක්වීමක් සිදුකළේය.ඒ එක්සත් ජාතික පක්ෂ 79 වැනි සංවත්සර සැමරුමට එක්වෙමිනි.එහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ අදාළ පැමිණිල්ල වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වර්තමාන ලේකම් විසින් සිදුකර ඇති බවය.කෙසේ නමුත් තමන් අදාළ නිල සංචාරය අවසන් කර එංගලන්තය වෙත පැමිණි බවත් එහි එක් රැයක් ගත කර නැවත කොළඹ බලා පැමිණි බවත් පැවසූ හිටපු ජනාධිපතිවරයා පැවසුවේ මෙම ක්‍රියාවලිය සම්පූර්ණ වශයෙන් නිල සංචාරයක් වන බවය. එමෙන්ම තමන්ට ලැබී තිබූ නිල ආරාධනාවත් තමන් එහි සිටි නිසා පිළිගත් බවත් ආරාධනාවත් නොතිබුණද එදා තමන් එංගලන්තයේ රැඳී සිටිනු ඇති බවත්ය. “මම දැනගත්තා මට විරුද්ධව පැමිණිල්ලක් කරලා තියෙනවා කියලා කවුද පැමිණිල්ල කරලා තියෙන්නේ වර්තමාන ජනාධිපතිතුමාගේ වර්තමාන ලේකම්. ඕක උඩ මාව අරගත්තා. ඒ වෙලාවේ සියලු දෙනා රැස්වුණා. ඒ වෙලාවේ ආව සියලු දෙනාට මගේ ස්තූතිය මේ මොහොතේ පුද කරනවා…. මම 2022 රට භාර ගන්නකොට දළ දේශීය නිෂ්පාදනය කීයද බිලියන 76.8 අනුර කුමාර දිසානායකට භාර දෙනකොට බිලියන 98.9 වෙන මොකක්වත් නෙමේ ඩොලර් බිලියන 22ක් දීලා ගියේ. මම මොනාටද මේවා අරගන්නේ මට වැඩක් නැහැ. දැන් මේ ඒකාධිපතිවාදය විශාල තර්ජනයක්. අපි ඉන්නේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක. ඉන්දියාවෙත් ඒ ක්‍රමය, එංගලන්තයෙත් ඒ ක්‍රමය. දැන් මේක නැති කරන්න හදනවා. මොකක්ද කියන්නේ මේ රටේ හොරු කියලා ඔක්කොම අරගන්න යනවා. ජාතික විගණන නීතිය අපියි 2018දී සම්මත කළේ. 2022 ප්‍රධාන ප්‍රශ්නයක් වුණේ දූෂණය. ඒ නිසා දූෂණ විරෝධී පනත ගෙනල්ලා අපියි සම්මත කළේ…. දූෂණය විරුද්ධව ක්‍රියා කරන එකට අපි කවුරුවත් විරුද්ධ නෑ. ඒක අපියි අඩිතාලම පටන් ගත්තේ.. දැන් මේක දූෂණයට සීමා වෙලා නෑ. සමහර තැන්වල දූෂණයට මුවා වෙලා කටයුතු කරනවා. මෙහෙම විපක්ෂනායකයින් නිෂ්ශබ්ද කරලා තමයි ඒකාධිපතිවාදය හදන්න යන්නේ… ඒ අය හිතන්නේ අපි බයවෙයි, මේකට යටත් වෙයි කියලා.. දැන් කතා කරලා කියන්නේ අවුරුදු 78ක් මොනවාද කළේ කියලා අපි නිදහස ලැබුවාට පස්සේ ඩී.එස් සේනානායක අගමැතිතුමා යටතේ මධ්‍ය මහා විද්‍යාල 50ක් හැදුවා දැන් 1000ක් තියෙනවා. 987ක් තිබුණා 2023දී ඒ කියන්නේ 1948 ඉඳන් අපි එක මාසෙක එක මධ්‍ය මහා විද්‍යාලයක් ආරම්භ කරලා තියෙනවා…. අද කොහෙද විදුලි බලය නැත්තේ, හැම ගෙදරම රූපවාහිනී යන්ත්‍රයක් තියෙනවා. එහෙම තියන එක දකුණු ආසියානු රටක් මට කියන්න. මේකද හොරකම…..”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img