Monday, September 21, 2026
HomeNEWSවිශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජිනීවා යති

විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජිනීවා යති

සිය විශ්‍රාම වැටුප් අයිතිය අහෝසි කිරීමට වත්මන් රජය ගන්නා උත්සාහයට එරෙහිව කඩිනමින් පියවරක් ගන්නා ලෙස විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරනවා.එහි ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ සඳහන් කරන්නේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පියවර ගතහොත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දක්වාම සිටි කාලය තුළ අනීතිකව ලබා ගත් වැටුප නැවත ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන්නට සිදුවනු ඇති බවයි.මන්ත්‍රීවරුන් 500කට ආසන්න පිරිසක් සාමාජිකත්වය ගෙන ඇති එම එකමුතුව මානව හිමිකම් කොමිෂන් සභාවට යොමු කළ ලිපියක් මගින් පෙන්වා දෙන්නේ බොහොමයක් විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට මේ වනවිට වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් නොමැති බවයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව යම් රාජ්‍ය නිලධාරියෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ලබන්නේ නම් ඔහු හෝ ඇය දරණ රාජ්‍ය සේවයේ තනතුරෙන් අනිවාර්යයෙන්ම ඉල්ලා අස්විය යුතු අතර එවිට ඔහුගේ හෝ ඇයගේ විශ්‍රාම වැටුප ද අහෝසි වනවා.ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් හිමිකම ලබා දෙමින් 1977 වසරේදී එවක පැවැති ජාතික රාජ්‍ය සභාව මගින් පනතක් සම්මත කළා.ඒ යටතේ වසර 5ක සේවා කාලයක් සම්පූර්ණ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සිය වැටුපෙන් තුනෙන් එකක මුදලක් විශ්‍රාම වැටුප ලෙස හිමිවන අතර වසර 5ට වඩා කෙතරම් වාර ගණනක් පාර්ලිමේන්තුව නියෝජනය කළද විශ්‍රාමික මන්ත්‍රීවරයෙකුට ලැබෙන උපරිම විශ්‍රාම වැටුප වන්නේ සිය වැටුපෙන් තුනෙන් දෙකක් පමණයි.එනම් වසර 10ක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට සිය වැටුපෙන් තුනෙන් දෙකක මුදලක් විශ්‍රාම වැටුප ලෙස හිමිවනවා.කෙසේ වෙතත්, නව රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ අතර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටද පසුගියදා කැබිනට් අනුමැතිය හිමිව තිබුණා.එම පනත් කෙටුම්පත සකස් කෙරෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට හැකි වන පරිදි 1977 අංක 01 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත පරිච්ඡින්න කිරීම සඳහායි .කෙසේ වෙතත්, විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුව පවසන්නේ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගෙන් බොහොමයන් මේ වනවිට වයෝවෘධ හෝ රෝගී තත්ත්වයන්ගෙන් පසුවන අතර අඩුම තරමින් විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට රැකියාවක් හෝ ව්‍යාපාරයක් කිරීමේ හැකියාවක් නොමැති බව ද ඔවුන් පෙන්වා දෙනවා.සිය පවුලේ මූලික අවශ්‍යතා හෝ සපුරා ගැනීමට මෙම විශ්‍රාම වැටුප කිසිසේත්ම ප්‍රමාණවත් නොවන පසුබිමක පවතින විශ්‍රාම වැටුපද අහෝසි කිරීමෙන් ඇතිවන තත්ත්වය ඉතා අසාධාරණ බවයි විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ එකමුතුව පවසන්නේ.ඒ අනුව විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට වත්මන් රජය ගන්නා උත්සාහයට එරෙහිව කඩිනමින් පියවරක් ගන්නා ලෙස ජිනීවාහි මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුවේ ලේකම් ප්‍රේමසිරි මානගේ කියා සිටියා.මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රබල ක්‍රියාකාරිකයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන නන්දන ගුණතිලක ද මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ රජයේ තීරණය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img