Friday, September 11, 2026
HomeNEWSශාසනාරක්ෂක සංඝ සභාවෙන් ජූලි 27 සංඝ සමුළුවක්

ශාසනාරක්ෂක සංඝ සභාවෙන් ජූලි 27 සංඝ සමුළුවක්

වර්තමානයේ මෙරට පවතින ජාතික, ආගමික හා දේශපාලනික වාතාවරණය හමුවේ සම්බුද්ධ ශාසනයේ සහ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ත මහ සංඝරත්නය සංවිධානාත්මකව සක්‍රිය ලෙස පෙරමුණ ගත යුතු කාලය එළඹ ඇති බව ශාසනාරක්ෂක සංඝ සභාව පවසයි. රටත්, දැයත්, සමයත් විවිධ මිත්‍යා බලවේගයන්හි සහ බෙදුම්වාදීන්ගේ ග්‍රහණයට හසුවෙමින් පවතින පසුබිමක, මහ සංඝරත්නය ඉලක්ක කරගනිමින් සිදුවන එදිරිවාදිකම් පිළිබඳව බෞද්ධ ජනතාව මෙන්ම භික්ෂූන් වහන්සේලා ද දැඩි කනස්සල්ලෙන් පසුවෙන බව එම සභාව පෙන්වා දෙයි.

ශ්‍රී ලාංකේය මහාවිහාර වංශික ථේරවාද බුදු සසුනට සහ භික්ෂූන් වහන්සේලාට එරෙහිව අපහාස කිරීම්, අවතක්සේරු කිරීම්, අලාභහානි කිරීම් මෙන්ම කායික හා වාචසික හිංසනයන් මුදාහැරීමේ ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක වන බවට උන්වහන්සේලා චෝදනා කරති. අන්‍යාගමික බලවේග, ඇතැම් විදේශීය සංවිධාන, දේශපාලනඥයන්, රාජ්‍ය නොවන සංවිධාන මෙහෙයවන සමාජ ජාලා ක්‍රියාකාරීන් ඇතුළු පාර්ශ්ව ගණනාවක් මූල්‍ය හා ද්‍රව්‍යාධාර සපයමින් මෙන්ම සෘජුවම මැදිහත් වෙමින් මෙම බෞද්ධ විරෝධී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද සඳහන් වේ.

සියවස් ගණනාවක් පුරා අනාදිමත් කාලයක සිට දිවි හිමියෙන් රැකගෙන ආ බුදු සසුන සහ සංස්කෘතිය අතුරුදහන් කිරීමට වෙහෙසෙන අන්තගාමී බලවේග හමුවේ තවදුරටත් නිහඬව සිටිය නොහැකි බව පෙන්වා දෙන ශාසනාරක්ෂක සංඝ සභාව, සිංහල බෞද්ධ ජනගහනය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව හීන වීම, පැවිදිභාවය සඳහා දරුවන් යොමු නොවීම, භික්ෂු අධ්‍යාපනය යාවත්කාලීන නොවීම සහ ආයතනික කළමනාකරණ දුර්වලතා පිළිබඳව ද අවධානය යොමු කර ඇත. මෙම ගැටලුවලට ශාස්ත්‍රීය හා ප්‍රායෝගික විසඳුම් සෙවීම කාලීන අවශ්‍යතාවක් බව උන්වහන්සේලා අවධාරණය කරති.
මේ සියලු කරුණු මුල් කරගනිමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති පරිදි බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කිරීමේ වගකීම සක්‍රියව ඉටු කරන ලෙස බලධාරීන්ට අවධාරණය කිරීමටත්, රාජ්‍ය හා ගිහි නායකත්වයේ වගකීම් සිහිගැන්වීමටත්, භික්ෂු සමූහයේ ස්වයං වගකීම තහවුරු කිරීමටත් වෙනුවෙන් විශේෂ මහසංඝ සමුළුවක් කැඳවා ඇත. මෙම සමුළුව කිසිසේත්ම ආණ්ඩු විරෝධී හෝ පුද්ගලික කණ්ඩායම් බලගැන්වීමේ අරමුණින් සිදුකරන්නක් නොවන බව ද සභාව පැහැදිලි කරයි.

අදාළ ශාසනික යෝජනා සම්මුතිය ආණ්ඩුව වෙත ඉදිරිපත් කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන මෙම විශේෂ මහසංඝ සමුළුව එළඹෙන 2026 ජූලි 27 වන දින පස්වරු 2.30 ට කොළඹ ශ්‍රී ලංකා ර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී (SLECC – ලේක්හවුස් ඉදිරිපිට) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමි, පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමි සහ ආචාර්ය ලැගුම්දෙනියේ පියරතන හිමි යන සභාපති මණ්ඩලයේ හිමිවරුන්ගේ මෙහෙයවීමෙන් සහ පූජ්‍ය උලපනේ සුමංගල හිමි – 0705217711, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි – 0778222295, පූජ්‍ය අක්මීමන දයාරතන හිමි – 0714815184 යන හිමිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම මහසංඝ සමුළුව පැවැත්වේ.

දුලාර ගුණතිලක
කැදවුම්කරු
සිංහල සංවිධාන එකමුතුව
076 648 3664

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img