Wednesday, September 23, 2026
HomeNEWSසංඝරත්නයට, ඉතිහාසයට, සංස්කෘතියට ලැබෙන සැලකිලිවල ගැටලුවක්- පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමි

සංඝරත්නයට, ඉතිහාසයට, සංස්කෘතියට ලැබෙන සැලකිලිවල ගැටලුවක්- පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමි

වර්තමානයේ මහා සංඝරත්නයට, සංස්කෘතියට හා ඉතිහාසය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට ලැබෙන සැලකිලි සම්බන්ධයෙන් සියලු දෙනාට ගැටලුවක් පැනනැගී ඇති බව අස්ගිරිය පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසයි.මිහින්තලේ රජමහා විහාරස්ථානයේදී ඊයේ (31) පැවති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපතිව සිට අපවත් වී වදාළ පූජ්‍ය වලවාහැංගුනවැවේ ධර්මකීර්ති ශ්‍රි රතනපාල හිමියන්ගේ තිස්පස්වන ගුණානුස්මරණය වෙනුවෙන් සියක් නමක් උදෙසා පැවති සංඝගත දක්ෂිණාව මිහින්තලේ රජමහා විහාරස්ථානයේදී ඊයේ දිනයේදී පැවැත්වුණි.ඊට සමගාමීව වත්මන් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් විසින් රචිත ” සිව් බුදුවරුන්ගේ සිරිපා පහස ලැබූ සේල චේතිය ” කෘතිය දොරට වැඩුමද සිදු විය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අස්ගිරිය පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන්,”අපි අද ආවේ අපේ මුදුන් මුල හොයාගෙන‍, නැත්නම් අපේ හදවතට මේ උදාර පුදබිම අපට එදාත්, අදත්, හෙටත් කවදාත් වටිනවා. හැබැයි මේ මුලට, මේ බිමට මෙහි වැඩහිඳින නාහිමිවරුන්ට, වර්තමානයේ සමස්ත සංඝරත්නයට, ශාසනයට, සංස්කෘතියට, කලාවට, ඉතිහාසයට තියෙන තැන, ලැබෙන සැලකිලි කොතෙක් දුරට අපට සතුටුවෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නාර්ථය අපි හැමදෙනාටම තිබෙනවා. භික්ෂුව නිහඬ වුණොත් කවුද කතා කරන්නේ? අසාධාරණයට මේ බරපතළ සංස්කෘතික සෝදාපාලුවට. ඒ නිසා භික්ෂුන් වහන්සේලා තර්ජන, ගර්ජනවලට බියවිය යුතු කෙනෙක් නෙවෙයි. දේවදත්තලා හිටපු නිසා තමයි බුදුගුණ ඔය තරම් ලස්සනට ඉස්මතුවන්නේ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...

ඇසුරුම් නොකළ පොල් තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර

දේශීය වෙළෙඳපොළේ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ...

වසරේ මුල් මාස 8ට අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි

2026 වසරේ පළමු මාස අට තුළ මෙරට අපනයන අංශය අමෙරිකානු ඩොලර් බිලියන 12 ක සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img