Tuesday, September 22, 2026
HomeNEWSසාගරට ඇප... විදෙස් ගමන් තහනම්

සාගරට ඇප… විදෙස් ගමන් තහනම්

අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග කර තිබේ.

මෙහි නීතිකෘතියේ දී දෙපාර්ශ්වයේ කරුණු ඉදිරිපත් කිරීම අද පස්වරු 4.30ට අවසන් වීමෙන් අනතුරුව, ඇප නියෝගය ප්‍රකාශයට පත්කිරීම මහේස්ත්‍රාත්වරයා විසින් කල්තබනු ලැබීය.

ඒ අනුව පැය තුනකට ආසන්න කාලයකට පසුව දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පිටු 17කින් සමන්විත ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය.

එහිදි මහේස්ත්‍රාත්වරයා රු ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත හා විදෙස් ගමන් තහනමක් ද සාගර කාරියවසම් මහතාට පනවනු ලැබීය.

ඇප කොන්දේසි සම්පුර්ණ කිරීමෙන් අනතුරුව සාගර කාරියවසම් මහතාව මුදාහැරීමට අධිකරණය නියෝගය කළේය.

පසුගිය අගෝස්තු 03 වනදා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් සාගර කාරියවසම් මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

අදාළ විමර්ශනය සම්බන්ධයෙන් කරුණු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබූ අතර, ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සාගර කාරියවසම් මහතාට අද (10) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.

ඒ අනුව අද පෙරවරුවේ එම කාර්යාංශයට පැමිණි සාගර කාරියවසම් මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

අනතුරුව ඔහු අද පස්වරුවේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

එම අවස්ථාවේදී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුළු පිරිසක්ද අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විවේචනාත්මක රුසියානු මහමැතිවරණයෙන් පුටින්ට ඉහළ ජයක්

2022 වසරේ යුක්‍රේනය වෙත එල්ල කළ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දින තුනක් පුරා...

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...

වෙඩි තබා, වීදුරු කඩා හෙරොයින් සමග තිදෙනෙකු ඇල්ලූ මෙහෙයුම

හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක් සමග ගිරිඋල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ...

ස්වාධීනව සිතන, නිර්භීත තරුණ පරපුරක් මේ රටේ අනාගතය ගොඩ නඟයි – දිලිත් ජයවීර

ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර පසුගියදා එහි පැවැති “Young Diplomats Model united nations...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img