ඝාතනයට ලක්වූ පාතාල කල්ලි නායක සොත්ති උපාලි නැමැත්තාගේ ඥාතියෙකු රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනා හෙරොයින් සමග වැල්මිල්ල කැන්දලන්ද ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පැවසුවේ මෙම සැකකරු ඝාතනයට ලක්වූ පාතාල කල්ලි නායක සොත්ති උපාලි නැමැත්තාගේ බෑණා වන බවය.
සැකකරු, තවත් පුද්ගලයෙකු හමුවීමේ බලාපොරොත්තුවෙන් කැන්දලන්ද ප්රදේශයේ රැඳී සිටින බවට බණ්ඩාරගම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි කිරීමකදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සතුව තිබී මත්කුඩු මිලිග්රෑම් 90ක් ද සොයාගෙන ඇත.
අනතුරුව සිදුකළ දීර්ඝ ප්රශ්න කිරීමේදී සැකකරු පදිංචි එම ප්රදේශයේම නිවසක මුළුතැන්ගෙයි අසල මල් පාත්තියක වළදමා තිබූ හෙරොයින් මත්කුඩු ග්රෑම් 7ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා රඳවාගැනීමේ නියෝග ලබාගැනීමට නියමිත බව බණ්ඩාරගම පොලීසිය පැවසීය.






















