Thursday, June 11, 2026
HomeNEWSවිදුලිබල මණ්ඩලය තෙල් ගන්න යන අලුත්ම ක්‍රමය

විදුලිබල මණ්ඩලය තෙල් ගන්න යන අලුත්ම ක්‍රමය

ඉදිරි දින කිහිපය සඳහා ඉන්ධන සපයාගැනීම වෙනුවෙන් ලංකා IOC සමාගම සමග සාකච්ඡා කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා,

“විවිධ විකල්ප මාර්ග ගැන කල්පනා කරමින් ඉන්නේ.  අපි බලනවා IOC සමාගමෙන් හරි ඉදිරි දවස් කිහිපයට තෙල් ටිකක් ගන්න පුළුවන්ද කියලා. විදුලබල මණ්ඩලයේ සභාපතිතුමාට කියලා තියෙනවා ඒ ගොල්ලෝ සමග සාකච්ඡාවක් පටන්නගන්න කියලා හෙට. මමත් ඕනේ නම් එන්නම් කිව්වා.” 

මාධ්‍යවේදියා – “ඒ කියන්නේ දවස් 3ක් සඳහා විදුලි කැපෙන්නේ නැහැ කියලා දැන් සහතික කරන්න පුළුවන්ද ?” 

අමාත්‍ය ගාමිණි ලොකුගේ – “22 වෙනතුරු අපි කොහොම හරි තෙල් හොයාගන්න ඕනේ දුවන්න.”

මාධ්‍යවේදියා –  “ඛනිජ තෙල් විදුලිබල මණ්ඩලයට ඕන කියලා ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කළාද ?”

අමාත්‍ය ගාමිණි ලොකුගේ – “නැහැ ඉල්ලීමක් කරන්න දෙයක් නැහැ. ඒක වාර්ෂික ඇනවුමක්. ඒ වාර්ෂික ඇනවුමට සපයන්න ඕනේ තෙල් සංස්ථාව විසින්. එහෙම නැතුව දවසින් දවස ඉල්ලන්නේ නැහැ. අවුරුද්ද පැලෑන් කරනකොට ඒ අය පැලෑන්කරන්න ඕනේ තෙල් සංස්ථාවට මෙච්චර ඕනේ කරනවා කියලා. බලාගාරවලට මෙච්චර ඕනේ කරනවා. පුද්ගලික අංශයේ වාහනවලට මෙච්චර ඕනේ කරනවා. ඒ සැලැස්ම අනුව තමයි ගෙන්නන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒක අනුව ගේනවා කියලා.”

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 1,500 බැගින් හෙට (18) දිනය දක්වා ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට කටයුතු කිරීමත් සමග විදුලිය අඛණ්ඩව සපයන බවට එම මණ්ඩලය ප්‍රකාශ කළේය.

එලෙස ප්‍රකාශ කෙරුණද අද පෙරවරුවේදීත් වැල්ලම්පිටිය ප්‍රදේශයට පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි වී තිබුණි.

ජනතාව චෝදනා කළේ කිසිදු දැනුම්දීමකින් තොරව විදුලිය විසන්ධි කරන බවය.

මේ අතර විදුලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග අද හෝ හෙට ලංකා විදුලිබල මණ්ඩලය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

මේ අතර රුපියල් බිලියන 5ක්ව පැවති විදුලිබල මණ්ඩලයේ වාර්ෂික අලාභය පවතින විදුලි බිඳවැටීම් හමුවේ තවත් රුපියල් බිලියන තුනකින් පමණ ඉහළ ගොස් ඇතැයි එම මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය අනාවරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img