Monday, September 14, 2026
HomeNEWSහිටපු ජනපති මහින්දට මහා සංඝරත්නයේ ආශිර්වාදය

හිටපු ජනපති මහින්දට මහා සංඝරත්නයේ ආශිර්වාදය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිරිවෙන් කිහිපයක මහා සංඝරත්නයේ ආශිර්වාදය හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත පසුගියදා හිමිවිය. ආශිර්වාද කිරීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිරිවෙන් කිහිපයකම නායක හිමිවරුන් විජයරාම පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසට වැඩම කර සිටියහ. එම අවස්ථාවෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා සිය x ගිණුමේ මෙම හමුවීම සම්බන්ධයෙන් තැබූ සටහන පහත සඳහන් වෙයි.ආත්මාර්ථය පසෙකලා පරාර්ථයෙන් ක‍්‍රියා කරන රට, ජාතිය, ආගම වෙනුවෙන් තම යුතුකම හා වගකීම අවිච්ඡින්නව ඉටු කරනු ලබන අපගේ මහා සංඝරත්නය හේතුවෙන් හෙළ සංස්කෘතිය පෝෂණය වී ජාතිය සුරක්ෂිත වූහ. එවන් මහා සංඝරත්නයේ ඇසුර නොවෙනස්ව එකලෙස ලැබීම තරම් භාග්‍යක් ගිහියෙකුට නොමැත. මහා සංඝරත්නයේ ආශිර්වාදය ද, කල්‍යාණ මිත්තතා සම්පත්තියක්ම වූ ඇසුර ද ජීවිතයේ සෑම අවස්ථාවකදීම මා හට නොවෙනස්ව හිමි වුණි.පසුගිය දිනක විජේරාම නිල නිවසට වැඩම කරමින් මා හට ආශිර්වාද කළ, කුරුණෑගල කොටකන්ද ශ්‍රි රුවන් බෝධි පිරිවෙන් ව්හාරාධිපති කුරුණෑගල මහ දිශාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක විශ්‍රාමලත් පිරිවෙන් අධ්‍යක්ෂ ජනරාල් රාජකීය පණ්ඩිත වළස්වැවේ ශ්‍රි ඤාණරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, ඓතිහාසික පෙතියාගල රජමහ විහාරාධිපති මල්වතු මහා විහාරයේ විශේෂ කර්මාචාර්‍ය පොල්පිතිගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි නිකවාගම්පහ දිවිගන්දහ දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පොතුවිල විමලඤාණ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පොල්පිතිගම නාගොල්ල රජමහ විහාරාධිපති පොල්පිතිගම ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති පූජ්‍ය ලැගුම්දෙණියේ සුනන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ, පෙතියාගල ශ්‍රි සුමංගල විද්‍යාතන පිරිවෙනේ ගරු පරිවේනාධිපති පූජ්‍ය ගිරිහාගම සුමනරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ, ඉදිගොල්ල චිත්තවිවේකාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ඉංගිරියේ සීලරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ගාලෙවැව ශ්‍රි බෝධිරාජාරාමාධිපති පූජ්‍ය පරකඩුවේ ධම්ම විජිත ස්වාමින්ද්‍රයන් වහන්සේ, රජකන්දයාය ශ්‍රි බෝධිමළු විහාරාධිපති පූජ්‍ය පානදුරේ ඤාණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ, කෝරුවාව ශ්‍රී නාමළු විහාරාධිකාරී පූජ්‍ය මරදන්මඩුවේ නන්දවිමල ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ පෙතියාගල රජමහ විහාරාධිවාසී පූජ්‍ය දිගිලියේ ධීරානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ යන මහා සංඝරත්නයට මම නමස්කාර පූර්වක ස්තූතිය පුද කරමි. මෙම අවස්ථාවට සම්බන්ධ වූ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතා, ප්‍රවීණ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත මහතා ඇතුළු පොල්පිතිගම ප්‍රදේශයේ ජනතාව මම සතුටින් සිහිපත් කරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img