Thursday, September 10, 2026
HomeNEWSහිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගත්තේ කොටි නායකයෙකුගේ බොරු සාක්ෂි මතයි-ගම්මන්පිල

හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගත්තේ කොටි නායකයෙකුගේ බොරු සාක්ෂි මතයි-ගම්මන්පිල

2025 අගෝස්තු 5 වන දින පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්නාවික හමුදාපති අත්අඩංගුවට ගත්තේ කොටි නායකයෙකුගේ බොරු සාක්ෂි මතයිහිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගත්තේ කොටි සතුටු කරන්න කොටි නායකයෙකු ලබා දුන්නු බොරු සාක්ෂි මතයි කියන එක ඉතාම පැහැදිලිව තහවුරු වෙලා තිබෙනවා. මේ කතාවේ කොනක මමත් ඉන්න නිසා මේ කතාව රටට කියන්න යැයි රණවිරු ප්‍රජාව මගෙන් ඉල්ලීමක් කලා.මුලින්ම කියන්න ඕනි අද මම කතා කරන තොරතුරු බොහෝ දෙනෙක් දන්නවා. හිටපු නාවික හමුදාපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරලා ඉන්න නිසා තමන් ප්‍රකාශයක් කලොත් අධිකරණයට අපහාසයක් වේවි කියලා බයයි. ඒ නිසා කතා කරන්නේ නෑ. අධිකරණය ඉදිරියේ විනිශ්චය භාජනය වුණු කාරණයක් පිළිබඳ ප්‍රසිද්ධියේ අදහස් දක්වන්න බෑ. ඒක ඇත්ත. නමුත් චෝදනා ගොනු කරලා නඩු විභාගයක් ආරම්භ වුණාට පස්සේ තමයි අධිකරණයේ විනිශ්චයට භාජනය වුණු කරුණක් වෙන්නේ. තවමත් මේ නඩුවේ චෝදනා ගොනු කරලා නෑ. තවමත් තිබෙන්නේ අධිකරණයේ සහයෙන් අධිකරණයේ අධීක්ෂණය යටතේ කරගෙන යන පොලිස් විමර්ශනයක් පමණයි. ඒ නිසා මේ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න කවුරුවත් පැකිලෙන්න එපා.නාවික හමුදාවේ බුද්ධි නිලධාරියෙකු වන ලුතිනන් කමාන්ඩර් ක්‍රිශාන් වෙලගෙදර මිනිස් ජාවාරමට සම්බන්ධ බව 2017 දී හෙලි වුණාම ඔහුව හමුදා අධිකරණයෙන් ජ්‍යෙෂ්ඨත්වයෙන් පහල දානවා. මෙයා ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට පැනලා රණවිරු දඩයම සඳහා කොටින් වෙනුවෙන් බොරු සාක්ෂි හදනවා. ඔහුගේ ප්‍රධානම ඉලක්කය වෙන්නේ මේ මිනිස් ජාවාරම හෙලදරව් කළ එවකට නාවික හමුදාවේ ත්‍රිකුණාමල බුද්ධි ප්‍රධානි කොමාන්ඩර් සුමිත් රණසිංහ. 2010 ජූලි 26 දින පොලිස් අත්අඩංගුවෙන් පැන යන ශාන්ත සමරවීර කියන පාතාල නායකයා ත්‍රිකුණාමලයේ ගන්සයිට් කියන නාවික හමුදාවේ රැඳවුම් කඳවුරේ හිටියා කියන එක ලුතිනන් කමාන්ඩර් වෙලගෙදරගේ සහ සීඅයිඩියේ සම නිර්මාණයක්. 2010 ජූලි 25 දින ශාන්ත සමරවිර පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. එදින රාත්‍රියේ අසනීප බව පෙන්වූ නිසා රෝහල් ගත කරනවා. 2010 ජූලි 26 දින උදෑසන අලව්ව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරේ රෝහලෙන් පැන යනවා. ඔන්න ඔය පාතාල නායකයා තමන් සමග එකට ගන් සයිට් කඳවුරේ හිටියා කියලා කොටි නායකයින් ලබා දෙන සාක්ෂි මත පදනම් වෙලා තමයි හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න, හිටපු නාවික බුද්ධි අධ්‍යක්ෂ සුමිත් රණසිංහ ඇතුළු නාවික රණවිරු පිරිසක් අත්අඩංගුවට ගන්නේ. මේ සඳහා හරි අපූරු කතාවක් මේ අය ගොඩ නගා ගන්නවා.තමන් කිව්වේ බොරු බව විජේකාන්තන් පිලි ගනියි2008 දී අත්අඩංගුව අරගෙන පුනරුත්ථාපනය කරපු බී එම් විජයකාන්තන් කියන කොටි සාමාජිකයා බුද්ධි අංශ සාමාජිකයෙකු විධියට නාවික හමුදාවට බඳවා ගන්න වෙලගෙදර කටයුතු කරනවා. කොළඹින් අතුරුදහන් වුණු තරුණයින් 11ක් සහ අලව්වෙන් පැන ගිය පාතාල නායකයා අතුරුදහන් කලේ නාවික හමුදාවයි කියන්න පාවිච්චි කරන්නේ මේ විජයකාන්තන්. වෙලගෙදර සහ දැන් ලංකාවෙන් පැන ගොස් ස්විට්සර්ලන්තයේ සිටින නිශාන්ත සිල්වා විජයකාන්තන්ව කාමරයක තබාගෙන සාක්ෂි දෙන්න පුහුණු කරනවා. තමන් සමග හිටිය ශාන්ත ඔහු ගැන තොරතුරු සබන් කොලයක ලියා තමන්ට දුන් බවට සීඅයිඩියට ප්‍රකාශයක් ලබා දීලා මෙන්න මේ සබන් කොලය භාර දෙන්න කියලා මේ අය විජයකාන්තන්ට කියනවා. ඒ වගේම කොළඹ දී අතුරුදහන් වුණු තරුණයින් 11 දෙනා ගැනත් තොරතුරු ලබා දීලා මේ අයත් තමන් එක්ක හිටියා කියලා කියන්න කියනවා. විජයකාන්තන් විසින් නාවික හමුදාවට එරෙහිව බොරු සාක්ෂි ලබා දෙන්න අකැමැත්ත ප්‍රකාශ කලාම තමන්ව රස්සාවට ගත්තා වගේම රස්සාවෙන් එලවනවා කියලා වෙලගෙදර විජයකාන්තන්ට තර්ජනය කරනවා.විජයකාන්තන් ඒ අනුව සීඅයිඩියට ගියාම සිංහලෙන් ලියූ ප්‍රකාශයක් ලබා දීලා අත්සන් කරන්න කියනවා. ඔහුට සිංහල ලියන්නත් බෑ, කියවන්නත් බෑ. ඒත් රස්සාව බේරා ගන්න අත්සන් කරනවා. තමන් රැකියාව කරන නාවික හමුදාවට එරෙහිව බොරු සාක්ෂි ලබා දීම ගැන කොටියෙකු වුණත් විජයකාන්තන්ගේ හෘද සාක්ෂිය වැලපෙනවා. ඒ නිසා විජයකාන්තන් මාව සොයා ගෙන ඇවිත් ඇත්තටම සිදුවුණු දේ කියනවා. ඒ අනුව මම කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට විජයකාන්තන්ව ඉදිරිපත් කර 2018 ජනවාරි 2 දින මහෙස්ත්‍රාත්තුමිය ඉදිරියේ ප්‍රකාශයක් සටහන් කරනවා. එතැන දී ඇත්ත කතාව කියනවා. එක පැත්තකින් තමන් නොදන්නා භාෂාවකින් ලියූ ප්‍රකාශයක් තමයි තමන් කියවා තේරුම් ගෙන අත්සන තැබුවා කියා අත්සන් කර තිබෙන්නේ. අනිත් පැත්තෙන් විජයකාන්තන් කඳවුරේ හිටියේ 2008 අග සිට 2009 මුල දක්වා. ශාන්ත අතුරුදහන් වෙන්නේ වඩාත් නිවැරදිව කිව්වොත් පොලිස් අත්අඩංගුවෙන් පැන යන්නේ 2010 ජූලි 26. ඉතින් ඇත්තටම ශාන්ත ගන් සයිට් කඳවුරේ හිටියත් ඒ බව විජයකාන්තන් දකින්න විදියක් නෑ.විජයකාන්තන් කළ ප්‍රකාශය නිසා තමයි කොටි යුද්ධයේ දී නාවික හමුදාවට නායකත්වය දුන් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ සිට රණවිරුවන් විශාල ගණනකගේ දඩයම නවත්වා ගන්න අපට පුළුවන් වුණේ.අපි කරපු වැඩෙන් රණවිරු දඩයම කොන්ත්‍රාත්තුව කොටින්ගෙන් භාරගෙන සිටි අය වියරු වැටෙනවා. මේ අය විකල්පයක් සොයා ගන්නවා. ඒ තමයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කොටි බුද්ධි ප්‍රධානි සෙල්වතම්බි මහේන්ද්‍රන් නොහොත් භාරති සොයාගෙන සීඅයිඩිය යනවා. ඔහුත් පුනරුත්ථාපනය වුණේ ගන් සයිට් කඳවුරේ. තමන් කඳවුරේ සිටි සමයේ තරුණයින් 11ක් සහ කෑගල්ලේ ශාන්ත තමන් සමග සිටි බවට පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන්න භාරති කැමති වෙනවා. ඊලාම් රාජ්‍යයේ ලොක්කෙකු වෙන්න හිටිය භාරතිගේ ඒ සිහිනය බොඳ කරපු රණවිරුවන්ගෙන් පලි ගන්න අවස්ථාවක් ලැබුණාම එයා ඒක අත් හරින්නේ නෑනෙ.භාරතිගෙන් ලබා ගත් ප්‍රකාශය අනුව තමයි කමාන්ඩර් සුමිත් රණසිංහ ඇතුළු බුද්ධි නිලධාරින් පිරිසක් අත්අඩංගුවට ගන්නේ. තමන් ගන් සයිට් කඳවුරේ සිටි කාලයේ දී එක දවසක් ඒ කඳවුර බලන්න එවකට නාවික බුද්ධි අධ්‍යක්ෂ ලෙස සිටිය නිශාන්ත උළුගේතැන්න ආවා කියන භාරතිගේ ප්‍රකාශය පදනම් කරගෙන තමයි මිනීමැරුම් චෝදනාවක් නගලා හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගන්නේ. මේක හරිම භයානක තත්වයක්. හෙට කොටි ත්‍රස්තවාදියෙකු කිව්වොත් තමන් රඳවාගෙන හිටිය කඳවුරට ගම්මන්පිල ආවා කියලා හෙට මිනීමැරීමේ චෝදනා දාලා මාවත් අත්අඩංගුවට ගනීවි.නාවික හමුදාපතිව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක හිටවලා තියලා මේ එයාදැයි හඳුනා ගන්න කොටි ත්‍රිකුණාමලය බුද්ධි ප්‍රධානි භාරතිව පසුගිය ජූලි 30 දා පොල්ගහවෙල මහෙස්ත්‍රාත් උසාවියට ගෙන්නුවා. මහෙස්ත්‍රාත්තුමා භාරතිගෙන් සිංහලෙන් ප්‍රශ්න ඇහුව්වාම එයාට මුකුත් තේරුනේ නෑ. ඒ පාර සිංහල බැරි කෙනෙකුගෙන් සිංහල ප්‍රකාශක් ගත්තේ කොහොමද කියා මහෙස්ත්‍රාත්තුමා සීඅයිඩියෙන් ප්‍රශ්න කරනවා. එහෙම නොවුණා නම් නාවික හමුදාපති පෙරෙට්ටුවේ හිටවලා තියලා කොටි නායකයා එයාව හඳුනා ගැනීමේ පෙරෙට්ටුව කරනවා.රණවිරුවෝ හරිම වාසනාවන්තයි. මුලින්ම විජයකාන්තන්ගේ ප්‍රකාශය සිංහලෙන් ලියපු නිසා පළමු වටයේ රණවිරුවෝ බේරුණා. තමන්ගෙන් බලහත්කාරයෙන් අත්සන් ගත්තා කියලා විජයකාන්තන් මහෙස්ත්‍රාත්තුමියට කියූ නිසා දෙවන වටයේ දී බේරුණා. එහෙම තිබිය දී භාරතීගේ ප්‍රකාශයත් සිංහලෙන් ලියූ නිසා තුන්වන වටයේ දීත් බේරුණා.ස්වර්ණ පුස්තක සම්මානය සීඅයිඩියටසීඅයිඩිය සාක්ෂි නිෂ්පාදනය කරන්න කරපු තවත් බොරුවක් මම අද හෙලි කරන්නම්. ශාන්ත ගන් සයිට් එකේ රඳවා ගෙන හිටියා කියලා ඔප්පු කරන්න හදාගත් එක සාක්ෂියක් තමයි ගන් සයිට් කඳවුරේ බිත්තියක “ශාන්ත කෑගල්ල 2010.07.25” ලෙස බිත්තිය හූරා තිබෙන ඡායාරූපයක් ඉදිරිපත් කිරිම. නමුත් රණවිරුවන්ගේ වාසනාවට එතැනත් වරදක් වුණා. ඒ තමයි ශාන්ත අලව්ව රෝහලෙන් පැන යන්නේ 2010 ජූලි 26. ඔහු 2010 ජූලි 25 දිනය පුරාම හිටියේ පොලිස් අත්අඩංගුවේ. එහෙම නම් එයා ජූලි 25 ත්‍රිකුණාමලයේ හිටියා කියන එක සීඅයිඩියේ අතේ පත්තු වන තවත් පචයක්. සීඅයිඩිය ලියන ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් නොකර සාහිත්‍ය සම්මානයකට ඉදිරිපත් කලොත් ස්වර්ණ පුස්තක සම්මානයේ සිට ග්‍රේෂන් සම්මානය දක්වා දේශීය වශයෙනුත් ජාත්‍යන්තර වශයෙන් නොබෙල් තෑග්ගත් දිනා ගන්න පුළුවන් වේවි. ඒ තරම් නිර්මාණශීලීව සීඅයිඩිය නවකතා ලියනවා.හෘද සාක්ෂියක් තිබෙන මිනිස්සු මේ රටේ ඉන්නවා නම් මොහොතකට හිතන්න. අපේ ජීවිත බේරා ගන්න තමන්ගේ ජීවිතය පරදුවට තැබූ නාවික හමුදාපතිතුමා පෝලිමක තියලා අපේ ජීවිත උදුරා ගන්න වෑයම් කරපු මිනීමරු කොටි ත්‍රස්තවාදි නායකයා හඳුනා ගැනීමේ පෙරෙට්ටුව පරික්ෂා කරනවා. මේක ලෝකයේ කිසිම රටක සිදු නොවුණු අවාසනාවන්ත දෙයක්. අපේ ජීවිතය බේරා ගත් නාවික හමුදාපති අද හිරේ. අපේ ජීවිත උදුරා ගන්න ආයුද ගත් කොටි ත්‍රස්තවාදින්ට කිසිම නඩුවක් නෑ. පුනරුත්ථාපනය වෙලා, ආණ්ඩුවෙන් තෑගි බෝගත් අරගෙන සතුටින් සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. මේක සාධාරණ ද?අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමා අද සැනසිල්ලේ ජීවත් වෙන්නේ රණවිරුවන්ට පිං සිද්ධ වෙන්නයි. නැතිනම් කොහේ හරි බෝම්බයකින් ඔබතුමා කෑලි කෑලි වලට ඉරිලා යන්න ඉඩ තිබුණා. ඔබතුමාගේ නාස් පුඩු දෙකෙන් හුස්ම පොදක් උඩට ඇදෙන වාරයක් වාරයක් පාසා ඔබතුමා රණවිරුවන්ට ණයගැතියි. ඔබතුමාට කොටි හිතවාදි කල්ලි මැතිවරණ කරන්න සල්ලි හොයලා දෙන්න ඇති. මැතිවරණ දිනන්න ඡන්ද හොයලා දෙන්න ඇති. කැනඩාවේ එංගලන්තයේ ජර්මනියේ ගියාම ඉහළම ආගන්තුක සත්කාර දක්වන්නත් ඇති. හැබැයි එහෙමයි කියලා රට බේරා ගත් රණවිරුවන්ට බොරු චෝදනා නගලා රට බේරා ගැනීම වරදක් බවට පත් කරන්න එපා. එහෙම කලොත් ඔබතුමාට සැඳෑ සමයේ රෑට නින්ද යන එකක් නැති වේවි. මම මහ පව්කාරයෙක් කියලා හෘද සාක්ෂිය විලාප තියාවි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img