Tuesday, September 8, 2026
HomeNEWSහිරගෙදරක්වත් පාලනය කළ නොහැකි රජය රට පාලනය කරන්නේ කෙසේද ? විපක්ෂ...

හිරගෙදරක්වත් පාලනය කළ නොහැකි රජය රට පාලනය කරන්නේ කෙසේද ? විපක්ෂ නායක සජිත් ප්‍රශ්න කරයි

හිරගෙදරක්වත් පාලනය කළ නොහැකි මේ රජය රට පාලනය කරන්නේ කෙසේද ? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි

වත්මන් රජයට හිරගෙදරක්වත් පාලනය කර ගන්න නොහැකි බවත් මෙරට බන්ධනාගාර පද්ධතිය කළමනාකරණය කළ නොහැකි වත්මන් රජයට ලක්ෂ 220ක් ජනතාවගේ ජන ජීවිත සුඛිත මුදිත කරන්න පුළුවන් ද කියා ගැටලුවක් ඇති බවත් ඇවිදින පුස්තකාල කියා විද්වතුන්ගෙන් සපිරි රජයක් බිහි කරනවා කියූ වත්මන් රජය ඇ. ඩො. ලක්ෂ 25ක ණය වාරිකයක් හැකර්වරුන්ට පූජා කළ බවත් විදේශය ණය වාරිකයක් හරියට ගෙවාගත නොහැකි බන්ධනාගාර පාලනය කළ නොහැකි මේ රජය ජනතා ප්‍රශ්න විසදන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය

මීට පෙර පාර්ලිමේන්තු සැසිවාරයේදී අධිකරණ හා බන්ධනාගාර ඇමතිවරයාට විරුද්ධව විපක්ෂය ගෙන ආ විශ්වාසභංගයේදී රජය ඔහුට පක්ෂව ඡන්දය ලබා දී විපක්ෂයට උසුලු විසුලු කළ බවත් එය සිදුවී දින කිහිපයක් ගත වන විට මහර බන්ධනාගාරයේ පවා එවැනි ගැටුමක් ඇති වූ බවත් එදා වත්මන් අධිකරණ හා බන්ධනාගාර ඇමතිවරයා රැකගන්න ඡන්දය ලබා දුන් වත්මන් රජයට අද නැවතත් මහර බන්ධනාගාරයේ කලබල විසදන්න සිදුව ඇති බවත් බන්ධනාගාරයක් පාලනය කළ නොහැකි වත්මන් රජයට රට ගොඩනගන්න නම් නොහැකි බවත් රට ගොඩගනවා වෙනුවට රට විනාශ කරන රජයක් රටේ ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ රුක්ෂාන් පෙරේරා මහතා විසින් බොරැල්ල, මාලිගාකන්දේදී සංවිධානය කරන ලද ජන හමුවක් අමතමිනි.

අද අප රටේ 30-40% අතර ප්‍රමාණයක් දුප්පතුන් වී ඇති බවත් නාගරික ග්‍රාමීය වතු ආශ්‍රිත බල ප්‍රදේශවල සමස්ත ජන සමාජයේ විශාල ප්‍රමාණයක් අද දුප්පතුන් බවට පත්ව ඇති බවත් රටේ ජීවන බර වැඩි වී බඩු මිල වැඩි වී ඇති බවත් 33%කින් විදුලි බිල අඩු කරනවා කිව්වත් ඊට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි බිල වැඩි කළා සේම වරායේ ගොඩබාන මිලට තෙල් දෙනවා කිව්වත් එය ද නොවු බවත් ලක්ෂ 12කට විට්ස් කාර් එකක් දෙනවා කිව්වත් අදද එය නොමැති බවත් පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා කියා ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකර ක්‍රමානුකූලව සිය බලපරාක්‍රමය මරණාධාර සමිතියේ සිටි සිවිල් ආරක්ෂක කමිටු යෞවන සමාජවල සිට අධිකරණය දක්වා ව්‍යාප්ත කර තනි පක්ෂ රජයක් රට තුළ ස්ථාපිත කිරීමේ කුමන්ත්‍රණකාරී ව්‍යාපෘතිය අද ක්‍රියාත්මක කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රට පොහොසත් කරනවා කියා පක්ෂයේ ආඥාදායක පාලනය නම් රටේ ස්ථාපිත කරනවා

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කරනවා කිව්වේ දුප්පත්කම තුරන් කර කර්මන්තශාලා බිහි කර ධීවරයන්ට ශක්තිය ලබා දී නව ව්‍යවසායකයන් බිහි කරමින් වුවත් අද ඒ කිසිවක් සිදු නොකර මොවුන් විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස වෙනස් කරන්න යන බවත් උපරිමාධිකරණවල පුරප්පාඩු සම්පූර්ණ නොකර විශ්‍රාම යන වයස වැඩි කරන්න උත්සාහ කරන බවත් මේ විනිසුරු පුරප්පාඩු පුරවන්නේ නැතිව තියාගෙන සිටින විට දුප්පත්කම නැති වී ආදායම් මාර්ග වැඩි වෙනවාද කියා ප්‍රශ්න කරන බවත් රටේ ප්‍රශ්න තිබියදී රජය ජනතාවට ලබා දුන් පොරොන්දු සියල්ල පසෙක දමා වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ජවිපේ බලපරාක්‍රමය ස්ථිරසාර ලෙස දිගටම ශක්තිමත්ව ස්ථාවර කර ගැනීමට උත්සාහ කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය ජනතාවගේ ජීවත් වීමේ අයිතිය පවා උල්ලංඝනය කරනවා

මේ වන විට අප රට තුළ අවිනිශ්චිත ව්‍යාකූලත්වයක් නිර්මාණය වන බවත් ලක්ෂ 220ක් ජනතාවගේ ජනතා අයිතිය ජීවත් වීමේ අයිතිය, මානව හා මූලික අයිතිය රජය උල්ලංඝනය කරමින් පවතින බවත් ජනතා විමුක්ති පෙරමුණ රජයට රට ඉදිරියට ගෙන යන්න, රට ශක්තිමත් කරන්න හා රට සංවර්ධනය කරන්නට මෙන්ම පොදු ජනතාවට සෞභාග්‍ය උදාකරවන්න කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් ඔවුන් සිදු කරන්නේ ප්‍රශ්න විසදනවා වෙනුවට ප්‍රශ්න නිර්මාණය කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද ගොවි ගැටලුවලට විසදුම් නෑ

මේ රජය බිහි කරන්න දශලක්ෂ ගණනින් ඡන්දය ලබා දුන් ගොවි ජනතාව අනාථ කර ගොවි ජනතාවගේ නිෂ්පාදනවලට නිසි සහතික මිලක් අද නොමැති බවත් වත්මන් රජය එදා විපක්ෂයේ සිටින විට ගොවි ජනතාව ශක්තිමත් කරනවා යැයි පැවසූ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ක්‍රමානුකූලව ගොවි ජනතාව දුප්පතුන් බවට පත් කරවන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රජය අධිකරනයට සහ ගරු විනිසුරුවන්ට අපහාස කරනවා

ර‌ටේ ජීවන වියදම අහස උසට නැගී ජනතාව ජීවන බරින් මිරිකී ඇති මොහොතක රජය ටොන් ගණන් මුදල් ඉතිරිකර ගෙන ජනතාවට සහන නොදී සිටින බවත් වත්මන් රජය උත්සාහ කරන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කර ප්‍රජාතනත්‍රවාදය විනාශ කිරීමට බවත් ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය අතර තිබිය යුතු බල සමතුලිතභාවය වෙනස් කර රජයට කීකරු අධිකරණ පද්ධතියක් නිර්මාණය කිරීමට රජය උත්සාහ කරන බවත් මෙය අධිකරණයට කරන දැවැන්ත අපහාසයක් බවත් රටේ අධිකරණය ස්වාධීනයි කියා ජනතාවට පිළිගැනීමක් තිබුණත් විධායකය අධිකරණය ඇගිලි ගසන විට විනාශ වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වත් ජනතාවගේ හඩට කන් දෙන්න

දැන්වත් දුප්පත්කම තුරන් කරන්න රැකියා බිහි කරන කර්මාන්තශාලා බිහි කරන ව්‍යවසායකයක්වයට තැන දෙන පරිසරයක් බිහි කරන ලෙස ඉල්ලා සිටින බවත් අද ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ දේපල වෙන්දේසි වෙන බවත් මෙය නැවැත්විය යුතු බවත් දැන්වත් මේ මිනිසුන්ගේ ගැටලුවලට ඇහුම්කන් දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img