අකුරැස්ස තැන්නපිටහේන නාය යාමෙන් විපතට පත් ජනතාව තාවකාලිකව රඳවා සිටින මාර/ දියලපේ කණිෂ්ඨ විද්‍යාලයට 2023/10/05 දින රාත්‍රියේ පැමිණි දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී. ඩබ්ලිව් ගමගේ මැතිතුමා එහි තාවකාලිකව රඳවා සිටින ජනතාවගේ ගැටළු පිළිබඳව සොයා බලන ලදී.
එහිදී කඳවුරේ රඳවා සිටින ජනතාව වෙනුවෙන් ගරු ආණ්ඩුකාරතුමාගේ පෞද්ගලික වියදමින් රැගෙන ආ පිසූ ආහාර හා වියළි ආහාර ද්‍රව්‍ය සහ ගෙදරකට අවශ්‍ය සියළුම ද්‍රව්‍ය ඇතුළත් මලු දියලපේ කණිෂ්ඨ විද්‍යාලයේ තාවකාලික රැඳවුම් නිවාසය භාර ආපදා කළමනාකරණ ඒකකයේ සහ ආපදා සහන සේවා නිලධාරීන් ට භාර දෙන ලදී..
මෙහිදී ගරු ආණ්ඩුකාරතුමා විසින් නායයාම නිසා නිවාස අහිමි වූ සහ විපතට පත් වූ ජනතාවගේ සුව දුක් විමසා බැලූ අතර, මේ මොහොතේ ඔවුන්ට සහ ඔවුන්ගේ දරුවන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, කිරිපිටි, බෙහෙත් ද්‍රව්‍ය , සෞඛ්‍ය පහසුකම් සහ සමීපාරක්ෂක පහසුකම් පිළිබඳව සොයා බැලූ අතර, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සහ නාය ගිය ඔවුන්ගේ නිවාස ආරක්ෂා කර දෙන ලෙස කරන ලද ඉල්ලීම ප්‍රකාරව අකුරැස්ස පොලිස් ස්ථානාධිපතිතුමාට උපදෙස් ලබා දුන්නේ ඒ වෙනුවෙන් අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙසයි.
පාසල් පටන් ගැනීමෙන් අනතුරුව දියලපේ විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කර ගෙන යෑම වෙනුවෙන් දියලපේ විහාරස්ථානය තුළද දරුවන් වෙනුවෙන් පංති පවත්වාගෙන යෑම පිළිබඳව විදුහල්පතිතුමියට උපදෙස් ලබා දුන්නේය.
අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ ලේකම් නිමේශ ප්‍රභාත් මහතාට උපදෙස් ලබා දුන්නේ නාය යෑම නිසා පොත්පත් අහිමි වූ දුවා දරුවන් ප්‍රමාණය සොයා බලා ඔවුන්ට අවශ්‍ය පාසල් උපකරණ සහ කඳවුරේ සිටින අනෙකුත් ජනතාව වෙනුවෙන් අවශ්‍ය සහන ලබා දීම, කදවුරේ විදුලිය යම් හෙයකින් බිඳ වැටුන හොත් එහි පාවිච්චිය සදහා ජෙනරේටර් යන්ත්‍රයක් ලබා දෙන ලෙසත් නැවත ප්‍රාදේශීය සභාව වෙත ඔක්තෝම්බර් මස උසාවි දඩ මුදල් මුද්දර ගාස්තුවලට අමතරව තවත් මුදල් ලබා දීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළේය.
කඳවුරට අවශ්‍ය බෙහෙත්, සෞඛ්‍ය පහසුකම්, ආහාර සකස් කිරීම සඳහා අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය, පිසූ ආහාර නොකඩවා ලබා දෙන ලෙසත් ඒ සදහා මුදල් අවශ්‍ය නම් මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි මහතා හා සම්බන්ධීකරණයෙන් ලබා ගන්නා ලෙසටත් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් අනෝජා මහත්මියට උපදෙස් ලබා දුන්නේය.
දියලපේ විද්‍යාලයේ කඳවුර පිහිටි පංති කාමර සහ වැසිකිළි පිරිසිදුව තබා ගැනීම වෙනුවෙන් දිනපතා කණ්ඩායම් වලට බෙදී දිනෙන් දින පිරිසිදු කිරීම් කටයුතු සිදු කරන ලෙසත් එහි සිටින ජනතාවට උපදෙස් ලබා දුන්නේය.
විශේෂයෙන්ම මෙහිදී දියලපේ විද්‍යාලයේ විදුලිබිල සම්බන්ධයෙන්ද ගරු ආණ්ඩුකාරතුමාගේ අවධානයට යොමු වූ අතර විද්‍යාලීය විදුහල්පති තුමියට පැවසූයේ විදුලි බිල ගෙවීමට අවශ්‍ය මුදල් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන බවයි.
මෙම අවස්ථාව සඳහා අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කේ.ජී.ඩී අනෝජා මහත්මිය, අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ ලේකම් නිමේශ ප්‍රභාත් මහතා, අකුරැස්ස ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන්, ආපදා සහන සේවා නිලධාරීන්, මාර/දියලපේ විද්‍යාලයේ විදුහල්පතිතුමිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, අකුරැස්ස පොලිස් ස්ථානාධිපතිතුමා, කඳවුර භාර ආපදා ඒකකයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.






















