Saturday, August 29, 2026
HomeNEWSඅගමැති උපදෙසින් වරකාපොළ නගරය සංවර්ධනය කිරීමට තීරණය කෙරේ.

අගමැති උපදෙසින් වරකාපොළ නගරය සංවර්ධනය කිරීමට තීරණය කෙරේ.

අගමැති උපදෙසින් වරකාපොළ නගරය සංවර්ධනය කිරීමට තීරණය කෙරේ.

මේ දක්වා කිසිඳු සංවර්ධන සැලැස්මක් රහිතව නමට පමණක් සීමා වූ සංවර්ධනයකට ලක් ව තිබූ වරකාපොළ නගරය පිළිගත් සහ ක්‍රමවත් රාජ්‍ය සංවර්ධන සැලසුමකට අනුව සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ය.

ඒ අනුව, “යෝජිත වරකාපොළ බස් නැවතුම්පොළ සංවර්ධන ව්‍යාපෘතිය” ලබන මාර්තු මාසයේ සිට ඇරඹීමට නියමිතයි. 

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන වරකාපොළ නගර සංවර්ධන ක්‍රියාවලිය අදියර දෙකකින් සමන්විත වේ.

එහි පළමු අදියර වන වරකාපොළ බස් නැවතුම්පොළ වැඩ අවසන් කර ජනතා අයිතියට පැවරීමත් සමඟ ම එහි දෙවන අදියර ලෙස වරකාපොළ නගරයට මෙතෙක් අඩුවක්ව පැවති යෝජිත මූල්‍ය හා වාණිජ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මේ වනවිට ගැසට් කර ඇති වර්ග කිලෝමීටර් 28.28 ක් වන වරකාපොළ නාගරික බල ප්‍රදේශය ද තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා සංවර්ධන ව්‍යාපෘතියට යෝජනාවක් ලෙස ඇතුළත් කර තිබේ. 

වරකාපොළ, ඕපාත ග්‍රාම නිලධාරී වසමට අයත් වාරියගොඩ ප්‍රදේශය වරකාපොළ නාගරික බල ප්‍රදේශයට සහ ප්‍රධාන මාර්ගවලට දුරින් පිහිටා තිබීම හේතුවෙන් එම ප්‍රදේශය කුඩා නගර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට යෝජනාවක් ලෙස ව්‍යාපෘතියට ඇතුළත් කර තිබේ.

වරකාපොළ නගර සංවර්ධනයේ දෙවැනි අදියර එළඹෙන දෙසැම්බර් මාසයේ ආරම්භ වන බව ද නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. ඒ සඳහා යෝජිත මූල්‍ය හා වාණිජ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අක්කර 4.02 ඉඩමක් වෙන්කර තිබේ. 

අක්කර 4.02 ඉඩමෙන් පර්චස් 120 ක බිම් කොටසක් තවත් ප්‍රධාන ව්‍යාපෘතියක් වන රථ ගාලක් ඉදි කිරීම සඳහා වෙන් කර ඇත. මෙම රථගාල ඉදිකිරීම යෝජිත බස් නැවතුම්පළ ඉදිකිරීමෙන් පසු හිමිවන මූල්‍ය දායකත්වයෙන් සිදු කෙරේ. 

ජනාකීර්ණ සහ කාර්යබහුල නගරයක් වන වරකාපොළ නගරයේ සංවර්ධනය නොවූ පැරණි බස් නැවතුම්පොළ කොළඹ නුවර පාර ප්‍රධාන පාරට මායිම්ව පිහිටා තිබෙන නිසා නිතරම වාහන තදබදයක් පවතී.

ඉදිකිරිමට නියමිත මෙම රථගාල සම්බන්ධව නව යෝජනාවක් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක මහතා ඉදිරිපත් කර තිබේ.

ඒ ඉදිවන රථගාලත් සමඟම මහල් කිහිපයකින් යුත් වෙළඳ සංකීර්ණයක් ද ඉදිකළ යුතු බව සඳහන් කරමිණි. මෙම වෙළඳ සංකීර්ණයේ කඩ කාමරවල තම ව්‍යාපාර පවත්වාගෙන යාමට නගරයේ වෙළඳ ව්‍යාපාරිකයන් දැනටමත් කැමැත්ත පළ කර ඇති බව මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙන ලදී.

යෝජිත මෙම වෙළඳ සංකීර්ණයේ රාජ්‍ය ආයතන, බැංකු ශාඛා සහ වෙළඳ සැල් ඇතුළු වෙනත් අත්‍යවශ්‍ය මහජන සේවාවන්ගෙන් සමන්විත වන බව ද මන්ත්‍රීවරයා පවසයි.

වසර 20 ක් පුරා හතරවරක් මුල්ගල තබා වැඩ ආරම්භ කළ වරකාපොළ සංවර්ධන ව්‍යාපෘතිය මෙවර නිසි පරිදි ඉටුකර ගැනීම ප්‍රදේශයේ ජනතාවගේ ඒකායන ප්‍රාර්ථනාව වී ඇති බව පවසන මන්ත්‍රිවරයා වරකාපොළ සංවර්ධනය ඇණ හිටීමෙන් සිදු වූ අපහසුතා සියල්ල ද එයින් මඟ හැරෙන ඇති බවට විශ්වාසය පළ කරයි.

පැරණි බස් නැවතුම්පොළට ආසන්නයේ ම පිහිටියේ වරකාපොළ මූලික රෝහල වන අතර මූලික රෝහලේ සිට මීටර් 100 ක් ඇතුළත ප්‍රධාන පාරට මායිම්ව තැපැල් කාර්යාලය, පොලිසිය, බැංකු සහ සුපිරි වෙළෙඳසැල් ඇතුළු සියළු පිහිටීම් ද වාහන තදබදයට හේතුවක් බව ප්‍රදේශවාසීන්ගේ අදහස වී තිබේ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නගර සංවර්ධනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. නාගරික සංවර්ධන අධිකාරියේ කෑගල්ල පළාත් අධ්‍යක්ෂිකා තුෂාණි අල්විස් මහත්මිය සහ අනෙකුත් ප්‍රධාන නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේ දී ඉදිරිපත් කරන ලද වරකපොළ බස් නැවතුම්පොළ සංවර්ධන ව්‍යාපෘතිය සාකච්ඡාවට ගත් අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය විය.

බත්තරමුල්ල, සුහුරුපාය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පසුගිය දා පැවති මෙම සාකච්ඡාව කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි උදයකාන්ත ගුණතිලක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර, කෑගල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දීප්ති විජේනායක සහ නාගරික සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු එස්. මඩවල යන මහත්ම මහත්මීහු ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සමස්ථ ව්‍යාපෘතිය ඉදිකිරීමේ කටයුතු අධික්ෂණය කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22ක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ වැරදි විදියට- දයාසිරි ජයසේකර

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ වැරදි විදියට බවත් එහි දීර්ඝ නාමය ගැන සහ එය ක්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන්...

වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65 ක් පාලනය කිරීමට ඇමෙරිකාව ගිවිසුම් අත්සන් කරයි

නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ඉන්ධන මිල අඩු කිරීම සඳහා වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65 ක් පාලනය කිරීමට සඳහ වන ගිවිසුමක් අත්සන් කල බව...

අතහැර දමා තිබුණු සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් යළිත් ආරම්භ කෙරේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය රජය සමයේ අතහැර දමා තිබුණු සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් යලිත් ආරම්භ කෙරේ.....! ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, රාජ්‍ය ආයතන...

නැවතත් බොරු කියන්න ජනපති රට වටේ රැස්වීම් තියන්න හදනවා – විපක්ෂ නායක සජිත්

පසුගිය මැතිවරණ 03ටම පෙර වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරු කුඹුරට බැස ගොයම් කකා වී කිලෝවක් සඳහා රු. 150ක සහතික මිලක් රටේ නීතිය බවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img