Saturday, August 29, 2026
HomeNEWSඅග්‍රාමාත්‍යතුමාගේ උපදෙසින් විදේශීය ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙළ කඩිනම් කෙරේ

අග්‍රාමාත්‍යතුමාගේ උපදෙසින් විදේශීය ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙළ කඩිනම් කෙරේ

අග්‍රාමාත්‍යතුමාගේ උපදෙසින් විදේශීය ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙළ කඩිනම් කෙරේ

මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන විදේශීය ශ්‍රමිකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව කඩිනම් කිරීමට පියවර ගෙන ඇත.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා විසින් පත් කළ කොමිසමේ නිර්දේශ අනුව මෙම ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙළ ගරු අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වේ.

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකදී මෙරටට පැමිණීමට බලාපෙරොත්තුවෙන් සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය  2021.01.26 දා උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව සතියක කාලයක් ඇතුළත ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) සමඟ සාකච්ඡා කර විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව ඔවුන්ගේ ඥාතීන් හා මහජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කරන බව  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා ප්‍රකාශ කළේය.

ආර්ථික අපහසුතාවලින් පෙළෙන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් මෙරටට පැමිණීමට නොහැකිව පීඩාවට පත්ව ඇතැයි රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පවසයි.

ඒ අනුව කොවිඩ්-19 වැළැක්වීමට අදාළ ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ සාකච්ඡා කරමින් මෙම ශ්‍රමිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට අග්‍රාමාත්‍යතුමා විශ්වාසය පළ කළේය.

මේ වනවිට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 32000ක් පමණ මෙරටට ගෙන්වාගෙන ඇති අතර තවත් 22483 දෙනෙක් සිය මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22ක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ වැරදි විදියට- දයාසිරි ජයසේකර

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ වැරදි විදියට බවත් එහි දීර්ඝ නාමය ගැන සහ එය ක්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන්...

වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65 ක් පාලනය කිරීමට ඇමෙරිකාව ගිවිසුම් අත්සන් කරයි

නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ඉන්ධන මිල අඩු කිරීම සඳහා වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65 ක් පාලනය කිරීමට සඳහ වන ගිවිසුමක් අත්සන් කල බව...

අතහැර දමා තිබුණු සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් යළිත් ආරම්භ කෙරේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය රජය සමයේ අතහැර දමා තිබුණු සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් යලිත් ආරම්භ කෙරේ.....! ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, රාජ්‍ය ආයතන...

නැවතත් බොරු කියන්න ජනපති රට වටේ රැස්වීම් තියන්න හදනවා – විපක්ෂ නායක සජිත්

පසුගිය මැතිවරණ 03ටම පෙර වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරු කුඹුරට බැස ගොයම් කකා වී කිලෝවක් සඳහා රු. 150ක සහතික මිලක් රටේ නීතිය බවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img