Thursday, September 24, 2026
HomeNEWSඅගමැති මහින්ද උස්වැටකෙයියාව වෙරළ තීරයේ නිරීක්ෂණ චාරිකාවක

අගමැති මහින්ද උස්වැටකෙයියාව වෙරළ තීරයේ නිරීක්ෂණ චාරිකාවක

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ උස්වැටකෙයියාව මුහුදු තීරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ, “එම්.වී.එක්ස්ප්‍රස් පර්ල්“ නෞකාවේ ගින්නෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සොයා බැලීමට අගමැතිවරයා එලෙස නිරීක්ෂණ චාරිකාවට එක්වු බවය.

නෞකාවේ ගින්නෙන් දෛනික ධීවර කටයුතු අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන්නැයි අගමැතිවරයා එහිදී උපදෙස් ලබා දී තිබේ.

මේ අතර එලෙස ගිනිගැනීමට ලක් වූ නෞකාව හේතුවෙන් මුහුදු ජලය, මුහුද පතුල මෙන්ම වෙරළ කළාපය විනාශ වී ඇති බවට නිරීක්ෂණය වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසන්නේ, නෞකාවේ හට ගත් ගින්න හේතුවෙන් වායු දුෂණයක් ද සිදුව ඇති හෙයින් ඉදිරියේ දි අම්ල වැසි තත්ත්වයක් ඇති විය හැකි බවය. 

“මුහුදු පතුලට කිදාබැස්ස දැවුණු සහ ඝන අපද්‍රව්‍යවලින් මේ වන විට මුහුදු පතුලේ සියලුම ජීවින් සහ කොරල්පර හා මුහුදු තෘණ ආදි දේවල්වලට වැඩි හානියක් වුණා කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. මේ වෙද්දි මුහුදු කැස්බෑවන් ඒ වගේම මුහුදු පක්ෂීන් සහ කුඩා මාළු වර්ග මැරිලා වෙරළට ගසාගෙන එන තත්ත්වයක් නිරීක්ෂණය කරනවා. මේ තත්ත්වය පහළ කළුතර, කොළඹ ඒ වගේම මීගමුව සිට කල්පිටිය දක්වා මේ තත්ත්වය නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම මේ සතුන්ගේ බොහෝ වෙලාවට පිළිස්සුම් තුවාල දැකගන්න පුළුවන්. ඒ නිසා අපිට හිතන්න පුළුවන් අධික තාපයක් ජලයේ තිබුණා කියලා. ඊට අමතරව නැවෙන් නිකුත් වුණ විෂ සහිත දුම නිසා දැඩි වායු දුෂණයක් වුණා කියලා නිගමනය කරනවා. ඒ අනුව වායුව රට හරහා යෑමේ දී කුරුණෑගල ආදී ප්‍රදේශවලදි පොළොවට ආසන්නයෙන් ගමන් කරනවා. මේ නිසා ඉතා සුළු අම්ල වැසි ඇති විය හැකියි. මේ වායුව ආඝ්‍රාහනය කිරීම හේතුවෙන් ස්වසන පද්ධතියේ ආසාත්මිකතා ඇති විය හැකියි.“

කොළඹ වරාය ආසන්නයේ ගිනිගැනීමට ලක් වූ නෞකාවේ ගින්න මේවන විට බොහෝ දුරට පාලනය කර තිබේ.

ඒ වරාය අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉන්දීය වෙරළ ආරක්ෂක යත්‍රාවල ද සහාය ඇතිවය. 

ඒ අනූව නෞකාවේ සිසිලන කටයුතු තවදුරටත් සිදුකරමින් පවතී.

රසායනික ද්‍රව්‍ය සහ රූපලාවණ්‍ය ආලේපන අඩංගු බහාලුම් 1,486ක් නෞකාවේ ප්‍රවාහනය කෙරෙමින් පැවති අතර මුහුදුබත් වූ බහාලුම් හැර සෙසු සියල්ල ද මේ වන විට දැවී අවසන්ය.

මේ අතර උස්වැටකෙයියාව තල්දියවත්ත ලුනාව ධීවරයින් මීට දින කිහිපයකට පෙර මසුන් ඇල්ලිම සඳහා ගැඹුරු මුහුදේ දැල් එලනු ලැබීය.

එහෙත් පසුව ධීවර කටයුතු තහනම් කිරිම හේතුවෙන් ධීවරයින් අද උදෑසන නැවත එලු දැල් ගොඩබිමට රැගෙන ආවේය.

එහිදි දක්නට ලැබුණේ ගිනිගැනීමට ලක්වු නෞකාවේ සුන්බුන් දැල්වල පැටලී ඇති අයුරුය.

එම ද්‍රව්‍ය බොහෝ දුරට පුළුන් හා සමාන බව ධීවරයින් පවසයි.

මෙවන් පසුබිමක කොළඹ උතුර අගරදගුරු පදවි මීසම් එකමුතුවේ පියතුමන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම්.වී.එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ව්‍යසනය හේතුවෙන් කෙටිකාලීනව හා දිගු කාලීනව රැකියා අහිමි වන සියලු ජනතාවට නොපමාව වන්දි ගෙවීම් කළ යුතු බවය.

එමෙන්ම වගකිව යුතු සමාගම් හෝ රටවලින් හිමිවන සියලු ආපදා වන්දි හා රක්ෂණ ආවරණ මුදල්වල ප්‍රතිලාභීන් ලෙස ධීවර ජනතාව පත්කර ගැනීමට කටයුතු කළ යුතු බවද එම නිවේදනයේ සඳහන් වේ.

තහනම් දමා ඇති සියලු දිනවලට ධීවර පවුල්වලට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය නොපමාව අංග සම්පුර්ණව ලබාදිමට කටයුතු කළ යුතු බවද එම පියතුමන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසියට ඇමති විජිත ඇමෙරිකාවට

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසිය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ ඇමරිකානු සංචාරය එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩලය යනු ලෝකයේ රටවල් එකම බහුපාර්ශ්වික වේදිකාවකට...

22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

අද සම්මත කරන 22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය...

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා-අගමැතිනිය

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තිය තිරසාර ලෙස කළමනාකරණය...

22ක දැන්වත් අකුලා ගන්නා ලෙසටයි ජනතාව ඉල්ලා සිටින්නේ- සජබ මහ ලේකම්

ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය සංවිධානය කරනු ලබන උද්ඝෝෂණය සහ විරෝධතාවය අද (24) පෙරවරුවේ බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී පැවැත්වුණි. බත්තරමුල්ල, පොල්දූව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img