ඕලුවිල්හි පිහිටි අග්නිදිග විශ්ව විද්‍යාලයේ නවක වධය බරපතල ආකාරයෙන් සිදුවන බවට එහි පළමු වසරේ සිසුන් පිරිසක් පැමිණිලි කර තිබෙනවා. ඔවුන් පවසන්නේ පසුගිය සතියේ අළුයම් දෙකත් හතරත් අතර කාලයේදී දෙවැනි වසරේ සහ තෙවැනි වසරේ සිසුන් පැමිණ ඉතා දරුණු අන්දමින් නවකවදය ලබා දුන් බවයි. සමහර සිසුන්ට පහර දී ඇති අතර එක් සිසුවෙකුගේ කනට බරපතල තුවාල සිදුවී තිබෙනවා කාලයක් තිස්සේ නවක වදය අග්‍නිදිග විශ්ව විද්‍යාලයේ සිදු කරන අතර තවමත් එය කිසිදු බාධාවකින් තොරව ජේෂ්ඨ සිසුන් කරගෙන යන බවට පළවෙනි වසරේ සිසුන් විසින් පෙන්වා දී තිබෙනවා. මීට පෙරද මෙම නවක වදය ඉතා දරුණු ආකාරයෙන් මෙම විශ්ව විද්‍යාලයේ ක්‍රියාත්මක වූ බවට එම සිසුන් පවසනවා.






















