ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින් එරට සිටින ඉන්දියානු ජාතිකයින් සමඟ ඉවත් කර ගැනීමට කටයුතු කිරීම සඳහා ඉන්දියාව ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මාහතා ඉන්දියාවට ස්තුතිය පළ කරයි. විජිත තේරත් අමාත්‍යවරයාගේ x ගිණුමේ ඒ බව සඳහන් කර තිබේ. එය පහත දැක්වේ.ඉන්දියානු පුරවැසියන් සමඟ ඉරානයෙන් ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීමට කාලෝචිත සහයෝගයක් ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට මම අවංකවම ස්තූතිවන්ත වෙමි. මෙම කල්පනාකාරී ක්‍රියාව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ගැඹුරු බැඳීම් සහ කල් පවතින හවුල්කාරිත්වය පිළිබිඹු කරයි






















