Thursday, April 16, 2026
HomeNEWSLatest Newsඅග්‍රාමාත්‍යතුමා “අමාදම් සිසිලස” 203 වැන්නට එක්වෙයි

අග්‍රාමාත්‍යතුමා “අමාදම් සිසිලස” 203 වැන්නට එක්වෙයි

අග්‍රාමාත්‍යතුමා “අමාදම් සිසිලස”  203 වැන්නට එක්වෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 203 වැන්න අද 2020.10.30 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නියැළුණු අග්‍රාමාත්‍යතුමා, එතුමාගේ ඡන්ම දිනය නිමිත්තෙන් හා කොව්ඩි-19 වසංගතය හමුවේ රටට සෙත් පතා සෝමාවතී පුදබිම වෙත පූජා කිරීමට නියමිත, මුතු පබළුවලින් අලංකාර කළ අඩි 6ක් උසැති කරඬුව වැඳ පුදා ගත්තේය.

බුදු දහමේ සිසිලස සකළ ලෝ වැසියන්ට බෙදා දීමේ උදාර අරමුණ පෙරදැරිකර පවත්වන මෙම ධර්ම දේශනා මාලාවේ මෙවර ධර්ම දේශනාව පැවැත්වූයේ මහනුවර, අලුත්ගම, ධම්මන්තලාව, පුරාණ විහාරවාසී බල්ලපිටිය මහ අනද සිනසුනේ අනුශාසක ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය අලුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ  විසිනි.

අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පැවැත්වෙන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාව පිළිබඳව මහ‍ාසංඝරත්නය සතුටු වන බව පැවසූ උන්වහන්සේ  203 වාරයක් පවත්වන්නට යෙදුණු මෙම ධර්ම දේශනා මාලාව තුළින් එක් දිනකට එක් අයෙකු බැඟින් හෝ ජීවිතය වෙනස්කර ගත්තානම් එම කුසල බලය ද ගරු අග්‍රාමාත්‍යතුමාට හිමිවන බව පැවසූහ.

දිනූ දේශය මෙන්ම සංසාර දුක කෙලවර කරගෙන සසර දුකින් මිදීමටත්, අන් අය මුදාගැනීමටත් කටයුතු කරනු ලබන ගරු අග්‍රාමාත්‍යතුමා රටට ණය නැති පුරවැසියෙකු බවද උන්වහන්සේ දේශනා කළහ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පැවති ධර්ම දේශනාව සැදැහැවතුන්ගේ සහභාගීත්වයකින් තොරව අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ පවුලේ කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

එසේම කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රට වැසියාට සෙත්පැතීම ද මේ අවස්ථාවේ සිදු විය.

අමාදම් සිසිලස ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය ඇතුළු පවුලේ සාමාජිකයින් එක්ව සිටියහ.

රොහාන් වැලිවිට,

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...

හෝමුස් හරහා ට්‍රම්ප්ගෙන් නව තර්ජනයක්

අමෙරිකා එක්සත් ජනපදය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු සිය Truth Social මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img