Sunday, September 6, 2026
HomeNEWSඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා


හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ.

එම නෞකා ඉරානයේ චබහාර් සිට පිටත්වී ඇති අතර, රේඩියෝ සම්බන්ධතාව මඟින් ආපසු ගමන් ඇරඹීමට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි.

මෙම නෞකා දෙක සමඟ ඉරානයෙන් පිටත්වූ නෞකා 06ක් පමණ අමෙරිකාව විසින් මේ වනවිට හරවා යවා ඇති බව වාර්තා වෙයි.

මෙම පුවත සැලවීමත් සමඟ නැවතත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පනවා ඇති නාවික අවහිර කිරීම ක්‍රියාත්මක වී අදට දින දෙකක් ගතවී ඇත.

මෙම අවහිර කිරීමේ අරමුණ වන්නේ, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ලෝක තෙල් ප්‍රවාහය (සමස්තයෙන් 20%ක් පමණ) පාලනය කරමින් ඉරානයට පීඩනයක් එල්ල කිරීමය.‍

අමෙරිකානු හමුදා පවසන්නේ, මෙම මෙහෙයුම සඳහා සෙබළුන් 10,000කට වැඩි පිරිසක්, යුද නැව් 12කට අධික ප්‍රමාණයක් සහ ගුවන් යානා රැසක් යොදාගෙන ඇති බවය.

එසේම, ඉරානයට සම්බන්ධ නොවන නෞකා සඳහා හෝමූස් හරහා ගමනාගමනයට අවසර හිමිව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2026 ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරඟයේදීත් රුමේෂ්ට රන් පදක්කම

බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවති 2026 ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරඟයේදී මීටර් 89.04 ක දුරක් විසි කරමින් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ පිරිමි හෙල්ල විසි...

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img