Monday, November 23, 2026
HomeNEWSශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බව අවධාරණයෙන් ප්‍රකාශ කරනවා-ෂිරාස් යුනුස්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බව අවධාරණයෙන් ප්‍රකාශ කරනවා-ෂිරාස් යුනුස්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට මොහොමඩ් ෆසල් නමැති පුද්ගලයෙකු සිදු කළ ප්‍රකාශය තරයේ හෙළා දකින බව නව ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි.

එහි භාණ්ඩාගාරික ෂිරාස් යුනුස් මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ජාතිවාදය ඇති කිරීමට උත්සාහ කරන මෙවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය වහාම ක්‍රියාත්මක කළ යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෂිරාස් යුනුස් මහතා මෙසේද පැවසුවේය.

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්. ඒක වෙනස් කරන්න කාටවත් බැහැ.ඒ සිංහල බෞද්ධ රට තුළ අනෙකුත් ආගම්, ජාතීන් ඒ සිංහල බෞද්ධත්වය සෙවණේ ආරක්ෂා වෙලා තියෙනවා. වසර ගණනාවක් තිස්සේ සමඟියෙන් ඉඳලා තියෙනවා.

ඒ සමගිය නැති කරන්න, ජාතිවාදය අවුස්සන්න ඉඩ දෙන්න බැහැ.

මොහොමඩ් ෆසල් නමැති මෙම පුද්ගලයා මාලිමාවට සම්බන්ධ කෙනෙක්.ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී මාලිමාව දිනවන්න කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාකාරීව වැඩ කළ බවට ඔප්පු කළ හැකි සාක්ෂි තියෙනවා.

මෙම පුද්ගලයා මේ ආකාරයෙන් ජාතිවාදී ප්‍රකාශ කරමින් සිංහල බෞද්ධ රටට අපහාස වන ආකාරයට කටයුතු කරන විට ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඔහු මාලිමාවේ කෙනෙක් නිසාද?

සැමට නීතිය සමාන නම් මෙම ජාතිවාදය අවුස්සන පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ සිටින සමස්ත මුස්ලිම් ප්‍රජාවගෙන් මම ඉල්ලීමක් කරනවා, මෙම ප්‍රකාශය තරයේ හෙළා දකින්නන කියලා.

කවුරු හරි කිව්වොත් පාකිස්තානය, ඉන්දුනීසියාව, මැලේසියාව යන රටවල් මුස්ලිම් රටවල් නෙමෙයි කියලා ඒක පිළිගන්න පුළුවන්ද?

ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව කවදාවත් අනෙකුත් ආගම්වලට එරෙහිව කතා කරල තියෙනවද? අනෙකුත් ආගමික ස්ථානවලට එරෙහිව හඬ නගල තියෙනවද? එහෙම කරල නැහැ.

ඒක නිසා නැති ජාතිවාදයක් ඇති කරන්න තමයි මොහොමඩ් ෆසල් නමැති මෙම පුද්ගලයා කටයුතු කරන්න හදන්නේ.

සිංහල බෞද්ධකමට, බෞද්ධ චීවරයට එරෙහිව මාලිමාව කටයුතු කරනවා. නමුත් මෙවැනි ජාතිවාදී ප්‍රකාශ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ.

ඒ නිසා මෙම සිංහල බෞද්ධ රට රැක ගැනීමට මෙම රටේ ජීවත්වන සියලු ජාතීන්ට අයිතියක් සහ යුතුකමක් ඒ වගේම වගකීමක් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති සහ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමක්ද හුවමාරු කර ගැනේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත තායිලන්ත...

බටහිර රතු මුහුදු වෙරළ තීරයේ පිහිටි රබිග් තෙල් පිරිපහදුවට හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්

සෞදියේ බටහිර රතු මුහුදු වෙරළ තීරයේ පිහිටි රබිග් තෙල් පිරිපහදුවට හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්.

බහරේනයේ පිහිටි අමෙරිකානු ගුවන් ආරක්ෂක රේඩාර් පද්ධති වෙත ඉරානයෙන් ප්‍රහාර

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළ අහසේදී ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බවත්, බහරේනයේ පිහිටි අමෙරිකානු ගුවන් ආරක්ෂක රේඩාර් පද්ධති වෙත ප්‍රහාර එල්ල කළ බවත්...

ඇමරිකාවේ පැවති IPL 2026 සවි එසවීමේ ලෝක ශුරතා තරගාවලියේදී රන්සිළු ජයතිලකට රන් පදක්කමක්

ඇමරිකාවේ පැවති IPL 2026 සවි එසවීමේ ලෝක ශුරතා තරගාවලියේ 140kg බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට රන්සිළු ජයතිලක සමත් වෙයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img