Monday, November 23, 2026
HomeNEWSජනපති සහ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමක්ද හුවමාරු කර ගැනේ

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය Sihasak Phuangketkeow මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුව ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මහනුවර අස්ගිරි මහා විහාරයේ පැවැත්වෙන රාජකීය කඨින චීවර පූජා පුණ්‍යෝත්සවයට සහභාගී වීම සඳහා තායිලන්තයේ මහා වජිරලොංකෝන් රජතුමාගේ රාජකීය නියෝජිතයා ලෙස Sihasak Phuangketkeow මහතා මෙරටට පැමිණ සිටී.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉතා සුහදශීලීව පිළිගනු ලැබීය.

අනතුරුව, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දීර්ඝකාලීන සංස්කෘතික සහ ආගමික සබඳතා සිහිපත් කරමින් ජනාධිපතිවරයා සහ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වූහ.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින ඓතිහාසික ආගමික සහ සංස්කෘතික සබඳතා මෙවැනි රාජ්‍යතාන්ත්‍රික සංචාර මගින් තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයාද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට කැමැත්තෙන් පසුවන බව නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළ අතර, ලබන වසරේ අගෝස්තු මාසයේ පැවැත්වෙන ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර නැරඹීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

දෙරට අතර වෙළෙඳ, ආයෝජන, සංචාරක, කෘෂිකාර්මික සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳවද මෙහිදී නායක දෙපළ සාකච්ඡා කළහ.

දෙරට අතර සංචාරක කටයුතු පහසු කිරීම සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමක් හුවමාරු කර ගැනීමද මෙහිදී තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය Sihasak Phuangketkeow මහතා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර සිදු විය.

මෙම ගිවිසුම දෙරටේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට මෙන්ම ව්‍යාපාරික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමට ද මහත් පිටුවහලක් වනු ඇති බව තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විශේෂයෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට තායිලන්තය සූදානම් බවත්, ඕනෑම අවස්ථාවක ඒ වෙනුවෙන් කටයුතු කළහැකි බවත් තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පැවසීය.

තායිලන්තයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුබසාධනය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය. තම රටේ පුරවැසියන්ට සලකන ආකාරයෙන්ම විදේශීය ශ්‍රමිකයන්ට ද සලකන බව අවධාරණය කළ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා, ඔවුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති කර නොගත යුතු බව ද සඳහන් කළේය.

ඉදිරියේදී තායිලන්තයේ නිල සංචාරයක නිරත වන ලෙසද, මෙහිදී තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙතද ආරාධනා කළේය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග ආසියා සහ මධ්‍යම ආසියා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් චමරි රුද්‍රගෝ යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

තායිලන්ත රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති Paitoon Mahapannaporn, විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ලේකම් Pornpong Kanittanon, දකුණු ආසියානු, මැදපෙරදිග සහ අප්‍රිකානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් Urasa Mongkolnavin, තොරතුරු අධ්‍යක්ෂ ජනරාල් Jaithai Upakarnitikset, දකුණු ආසියානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ Kasemsan Thongsiri සහ ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ Sadudee Pungpongdee යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-11-23

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බටහිර රතු මුහුදු වෙරළ තීරයේ පිහිටි රබිග් තෙල් පිරිපහදුවට හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්

සෞදියේ බටහිර රතු මුහුදු වෙරළ තීරයේ පිහිටි රබිග් තෙල් පිරිපහදුවට හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්.

බහරේනයේ පිහිටි අමෙරිකානු ගුවන් ආරක්ෂක රේඩාර් පද්ධති වෙත ඉරානයෙන් ප්‍රහාර

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළ අහසේදී ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බවත්, බහරේනයේ පිහිටි අමෙරිකානු ගුවන් ආරක්ෂක රේඩාර් පද්ධති වෙත ප්‍රහාර එල්ල කළ බවත්...

ඇමරිකාවේ පැවති IPL 2026 සවි එසවීමේ ලෝක ශුරතා තරගාවලියේදී රන්සිළු ජයතිලකට රන් පදක්කමක්

ඇමරිකාවේ පැවති IPL 2026 සවි එසවීමේ ලෝක ශුරතා තරගාවලියේ 140kg බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට රන්සිළු ජයතිලක සමත් වෙයි.

අයවැයෙන් සුරංගනා ලෝක පෙන්වා පොලී අනුපාත වැඩි කර පරමානු බෝම්බයක් දැම්මා – විපක්ෂ නායක සජිත්

අයවැයෙන් සුරංගනා ලෝක පෙන්වා පොලී අනුපාත වැඩි කර පරමානු බෝම්බයක් දැම්මා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ජීවන වියදම වැඩි වී ජීවන බර වැඩි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img