අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් නවීකරණය වූ ගලධාරි හෝටලය ‘Radisson Blu’ ලෙස සන්නාමගත කෙරේ
කොළඹ කොටුව ගලධාරි හෝටලය නවීකරණයෙන් අනතුරුව ‘ Radission Blu Hotel Galadari Colombo’ ලෙස නව මුහුණුවරකින් හා නව නාමයකින් හදුන්වා දීම ඊයේ සිදුවුණා. එළිමහන් පිහිනුම් තටාක,SPA,සහ ව්‍යායාම පහසුකම්,රැස්වීම් සහ උත්සව ශාලා අවන්හල් සහ BAR නව පහසුකම් යටතේ ගලධාරි හෝටලයේ සමන්විත වෙනවා.
නවීකරණයෙන් අනතුරුව හෝටලය සන්නාම කිරීමේ අවස්ථාව විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ සහභාගිත්වයෙන් සිදුවුණා.මෙය කොළඹ කොටස් වෙළඳපොලෙහි ලයිස්තුගත හෝටල් සමාගමක් වේ.නව සන්නාම එළිදැක්වීම හෝටලයේ දැවැන්ත පරිවර්තන ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
දෙසැම්බර් මස වන විට හෝටලයේ කටයුතු සම්පූර්ණයෙන් විවෘත කිරීමට සැලසුම් කර ඇත. ‘ Radission Blu Hotel Galadari Colombo’ නව සන්නාමය සනිටුහන් කිරීමේ අවස්ථාවට හෝටල් ක්ෂේත්රයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක් වුණා.

























