Sunday, September 6, 2026
HomeNEWSට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ.

පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පාප්වහන්සේ වෙත මෙම විවේචනය සිදුකර ඇත.

අදාළ විවේචන මගින් අමෙරිකානු ජනාධිපතිවරයා චෝදනා කර ඇත්තේ පාප්වහන්සේ අපරාධවලට කැමති අයෙකු බවය.

න්‍යෂ්ටික අවි හදන එක නිවැරදි කියන මෙන්ම නගරවල අපරාධ සිදුවන එක ගණන් නොගත යුතු බව කියන පාප්වහන්සේ කෙනෙකුට තමන් අකමැති බවත් අමෙරිකානු ජනාධිපතිවරයා පාප්වහන්සේ වෙත චෝදනා කර තිබේ.

එමෙන්ම තමන් පාප් වහන්සේගේ රසිකයෙකු නොවන බවත් ඔහු ලිබරල් මිනිසෙකු බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

මේ අතර මෙලෙස පාප්වහන්සේට අමෙරිකානු ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුමක් වන Truth Social ගිණුමේ ඡායාරූපයක් පළ කර ඇති අතර එය මේ වන විට ලොව පුරා බොහෝ පිරිසකගේ දැඩි අවධානයට මෙන්ම විවේචනයටද ලක්ව තිබේ.

අදාළ පින්තූරය මගින් අමෙරිකානු ජනාධිපතිවරයා තමන් ජේසුස් වහන්සේ බවට අර්ථගන්වා ඇති අතර තමන් ලෝක සාමය මෙන්ම මිනිසුන්ට පිහිටවන සැබෑ ජේසුස්වහන්සේ කෙනෙකු බවද ඔහු එමගින් නිරූපනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2026 ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරඟයේදීත් රුමේෂ්ට රන් පදක්කම

බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවති 2026 ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරඟයේදී මීටර් 89.04 ක දුරක් විසි කරමින් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ පිරිමි හෙල්ල විසි...

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img