Monday, September 21, 2026
HomeNEWSඅග්‍රාමාත්‍යතුමා නැකතට හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කරයි

අග්‍රාමාත්‍යතුමා නැකතට හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කරයි

ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිංහල දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය අගමැති නිල නිවසේ දී අද (17) දින පෙරවරුවේ ඉටු කළේය.

පූර්වභාග 7.16ට දකුණු දිශාව බලා හිසට නුගපත් ද පයට කරඳ පත් ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නුග පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍රයයි.

පළමුව බුද්ධ මන්දිරයට ගොස් මල් පහන් පූජා කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අනතුරුව හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රයට එක් විය.

ඓතිහාසික මාදන්වල රජමහා විහාරාධිපති විශ්වීය බෞද්ධ හික්ෂු සම්මේලනයේ භාණ්ඩාගාරික රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වැල්ලගිරිය සුමංගල නාහිමියෝ අග්‍රාමාත්‍යතුමාගේ හිසෙහි නැකතට තෙල් ගල්වා ආශිර්වාද එක් කළහ.

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කිරිඔරුවේ ධීරානන්ද නාහිමියෝ ද මෙහි වැඩම කළහ. 

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා සහ පවුලේ සමාජිකයෝ පිරිසක් එක්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img