Wednesday, June 3, 2026
HomeNEWSආනයනික ආහාර වල අඩංගු හානිකර ද්‍රව්‍ය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට...

ආනයනික ආහාර වල අඩංගු හානිකර ද්‍රව්‍ය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙන් උපදෙස්

පොල්තෙල් වැනි මෙරට ආනයනය කරනු ලබන ආහාර වර්ග ඇතුළු ආහාරවල හානිකර ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂා කිරීමේ බලය පවතින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බවත් එබැවින් ආහාරවල ඇති හානිකර ද්‍රව්‍ය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට වහා කටයුතු කරන ලෙසත් රජයේ ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

ආහාර පරීක්ෂාව සඳහා රසායනාගාර පහසුකම් වැඩිදියුණු කළ යුතු අතර ආහාර සුරක්ෂිතතාවය ට අදාළ නීති කඩිනමින් සංශෝධනය කළ යුතු බවද රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

ආහාර පරීක්ෂා කරන රසායනාගාර අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම හේතුවෙන් පවතින තත්ත්වය උග්‍රවී ඇති බව ගිණුම් කාරක සභාවේ හිටපු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

රටේ අහාර සුරක්ෂිතතාව වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වර්තමානයේදී ගැටලු රැසක් උද්ගතව පවතින බව 2017/2018 වසරවල සෞඛ්‍ය අමාත්‍යාංශයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්‍ය සාධනය පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු විය.

මෙරටට ආනයනය කරන රූපලාවන්‍ය ද්‍රව්‍ය වල ශරීරයට ඉතාම අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු බව පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය. රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේ දී නිසි නියාමන ක්‍රමවේදයක් සැකසීම ඉතා වැදගත් බව කාරක සභාවේ මතය වූ අතර, ඒ සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ආහාර සඳහා බලාත්මක වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති රීති බැවින් ආහාර වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා මෙහිදි අවධාරණය කළේය.

මෙම කාරක සභාවට තිස්ස අත්තනායක, නිරෝෂන් පෙරේරා, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෝ ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගී වූහ.

දෙවනසෞඛ්‍යඅංශසංවර්ධනව්‍යාපෘතියේ සං‍යුක්ත සැලැස්ම ප්‍රකාරව වසර 05 ක් වූ ව්‍යාපෘති කාලය තුළ නව සොයාගැනීම් සඳහා සලසා තිබුණු සමස්ත ප්‍රතිපාදනය රුපියල් මිලියන 346 ක් වූ නමුත්, 2017 දෙසැම්බර්  3 දින වන විට නව සොයා ගැනීම් පර්යේෂණ යෝජනා 34 ක් වෙත රුපියල් මිලියන 399 ක් අනුමත කර තිබීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය. 

නව සොයාගැනීම් ව්‍යාපෘති කිහිපයක් එකම පුද්ගලයෙකු විසින් සිදු කිරීම පර්‍යේෂණ  ව්‍යාපෘති  අකාර්‍යක්ෂම වීමට බලපා තිබෙන බවද කාරක සභාවේදී හෙළි විය.

කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මහල් 07 කින් යුක්ත මිලේනියම් වාට්ටු සංකීර්ණය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 398 ක කොන්ත්‍රාත් වටිනාකමක් සහිතව 2006 අගෝස්තු 14 වැනි දින පුද්ගලික සමාගමක් වෙත ප්‍රදානය කර තිබුණ අතර, 2008 මාර්තු 19 වැනි දින එහි වැඩ නිමකළ යුතු වුවද , 2014 මාර්තු 06 වැනි දින වන විටත් වැඩ නිමකර නොතිබුණු බැවින් එදින සිට කොන්ත්‍රාත්කරුගේ වැඩ අවසන් කර තිබු බව කාරක සභාවේදී නිරීක්ෂණය විය. 

එදින වන විට කොන්ත්‍රාත්කරු වෙත ගෙවා තිබුණු මුදල රුපියල් මිලියන 51 ක් ආපසු අයකර ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධව කාරක සභාවේ විශේෂ අවධානයක් යොමු විය. මෙම මුදල් අයකර ගැනීම සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 3,896 ක බදු සහිත කොන්ත්‍රාත් වටිනාකමට CECB වෙත 2014 ඔක්තොම්බර් මස 29 වැනි දින ප්‍රදානය කර තිබූ අතර, ඉදිකිරීම් කටයුතු ඇරඹීමට පෙර ගොඩනැගිලි සැලැස්මට මහනගර සභාවෙන් අනුමැතිය ලබාගෙන නොතිබුණු බවත්, ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් ද සිදුකර නොතිබූ බවත් කාරක සභාවේදී අනාවරණය විය.

2006 වසරේදී අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 31.71 ක් වැයකර මිලදී ගෙන තිබුණු ඇඟිලි සලකුණු සටහන් යන්ත්‍ර 224 ක් වසර 15 කට වඩා වැඩි කාලයක සිට ප්‍රයෝජනයට නොගෙන නිෂ්ක්‍රීයව තබා තිබීම සම්බන්ධයෙන් කාරක සභාව සිය නොසතුට පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img