Sunday, October 25, 2026
HomeNEWSLatest Newsඅග්‍රාමාත්‍යතුමා වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ ආශිර්වාද පූජාවට එක්වෙයි

අග්‍රාමාත්‍යතුමා වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ ආශිර්වාද පූජාවට එක්වෙයි

අග්‍රාමාත්‍යතුමා වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ ආශිර්වාද පූජාවට එක්වෙයි

ගරු අග්‍රාමාත්‍යතුමාට සෙත් ප්‍රාර්ථනා කරමින් වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ පැවති ආශිර්වාද පූජාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අද 2020.11.08 දින පස්වරුවේ එක් විය.

වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක තුමන් වන උදය රාගම පූජකතුමා විසින් මෙම ආශිර්වාද පූජාව පැවැත්වූයේය. මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය ද එක්ව සිටියාය.

මෙහිදී කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂාවීම සඳහා අග්‍රාමාත්‍යතුමාගේ පවුලේ සාමාජිකයින්ට හා රට වැසියාට සෙත් ප්‍රාර්ථනා කළේය.

ඉන් අනතුරුව කෝවිල් භූමියේ පිහිටි කඩවර දේවාලයට ගොස් අග්‍රාමාත්‍යතුමා ආශිර්වාද ලබා ගත්තේය.

මෙම අවස්ථාව සඳහා කෝවිල් භාරකාර මණ්ඩලයේ සභාපති සුන්දරලිංගම් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙලූ බව ඉරානය කියයි

ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් දකුණු දිග වරාය නගරයක් වන බන්දාර් අබ්බාස් ආසන්නයේදී, ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළා ඇතැයි, ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

හූති බැලස්ටික් මිසයිලයක් සහ කෲස් මිසයිලයක් විනාශ කළ බව සෞදි අරාබිය පවසයි

රියාද් දෙසට පැමිණෙමින් තිබූ හූති බැලස්ටික් මිසයිලයක් සහ නිරිතදිග ඛාමිස් මුෂයිට් නගරයට එල්ල වූ කෲස් මිසයිලයක්, සිය ගුවන් පද්ධති මගින් විනාශ කළ බව, සෞදි...

බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි.. ශ්‍රී ලංකාවටත් බලපෑම්

බෙංගාල බොක්කේ පීඩන අවපාතය මෑත කාලීනව කලාපයට බලපාන චණ්ඩ සුළි කුණාටුවක්ව (අර්නාබ්) බාපට්ලා සහ විශාකාපට්නම් අතර ප්‍රදේශයෙන් (10/28) ගමන් කිරීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි.එහි...

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img