Sunday, November 15, 2026
HomeNEWSLatest Newsඅග්‍රාමාත්‍යවරයා මහා සංඝ රත්නයේ ආශිර්වාද ගනී

අග්‍රාමාත්‍යවරයා මහා සංඝ රත්නයේ ආශිර්වාද ගනී

අග්‍රාමාත්‍යවරයා මහා සංඝ රත්නයේ ආශිර්වාද ගනී

නව වන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දිමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා මහා සංඝ රත්නයේ ආශිර්වාද ලබාගෙන තිබේ.

ඊයේ (09) පස්වරුවේ පැපිලියාන සුනේත්‍රා දේවී මහා පිරිවෙන වෙත ගිය අග්‍රාමාත්‍යවරයා, පරිවේණාධිපති මහාචාර්යය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

මෙහිදි අග්‍රාමාත්‍යවරයා සුනේත්‍රා දේවි පිරිවෙණේ අභිනවයෙන් ඉදිකළ ධාතුමන්දිරයේ පළමු පහන් පුජාවට ද එක්වු බව අග්‍රාමාත්‍ය  මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

අනතුරුව බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වෙත ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විහාරාධිපති අචාර්යය පුජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව ආගමික වතාවත්වලට එක් ව තිබේ.

මෙවර පාර්ලිමේනතුවට තේරි පත්ව සිටින මන්ත්‍රී කණ්ඩායම රට ඉදිරියට ගෙන යාමේ සුදුසුකම් සහිත පිරිසක් බව පෙනේන්නට ඇති බැවින් නව කණ්ඩායම සමග එක්ව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරන බව මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදුකරමින් අචාර්යය පුජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි සඳහන් කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය වෙත ගොස් විහාරාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි බැහැ දැක ආශිර්වාද ලබාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img