රටේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය සහ එවැනි හිඟයක් මවාපෑමට ජාවාරම්කරුවන් ක්‍රියාකිරීම හා ඊට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (31) පැවැත්වුණි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැවති එම සාකච්ඡාවට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ලෙස පත්කළ මේජර් ජෙනරාල් එම්. එස්. පී. නිවුන්හැල්ල ඇතුළු නිලධාරීන් පිරිසක් එක්විණි.






















