Sunday, November 1, 2026
HomeNEWSඅතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමීන් වහන්සේගේ
ශ්‍රී දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, මහනුවර ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති, අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) දහවල් අවසන් ගෞරව දැක්වීය.

උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති මහනුවර ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා, ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව, උන්වහන්සේගේ අපවත්වීමෙන් ශෝකයට පත් මහා සංඝරත්නය වෙත සහ විහාරස්ථ දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-10-20

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් – විපක්ෂ නායක සජිත්

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා...

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරනවා- ජනපති

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් මෙවර අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරන බව, ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට එක්වෙමින් ජනපති කියයි.-ජාතික විද්වත් සංවිධානයේ ජාතික...

ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක (86) මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් පාකිස්ථානයට තුන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ජය

තුන්කොන් එක්දින තරගාවලිය - (අවසන් තරගය), පාකිස්ථානය කඩුළු 3 ක ජයක් සමඟ ශූරතාව දිනා ගනී. ශ්‍රී ලංකාව:325/8,පාකිස්ථානය:331/7 (48.3), ෆකර් සමන්:127, බායිග්:74, මදුසංක:63/3.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img