Thursday, October 29, 2026
HomeNEWSඅතුරුදන් වූ බදුල්ලේ වෛද්‍යවරයා සියදිවි නසාගත්තාද?දීර්ඝ කාලයක සිට මානසික ආතතියට ඖෂධ ලබාගෙන.

අතුරුදන් වූ බදුල්ලේ වෛද්‍යවරයා සියදිවි නසාගත්තාද?දීර්ඝ කාලයක සිට මානසික ආතතියට ඖෂධ ලබාගෙන.

අතුරුදන්ව සිටි බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් අනුරාධ දයාරත්න මහතා ඖෂධ පානය කර සියදිවි නසාගෙන ඇති බවට පොලිසිය සැක පළ කරයි.

වෛද්‍යවරයාගේ මෘත ශරීරය අද (24) පෙරවරුවේ බදුල්ල–මහියංගනය මාර්ගයේ 17 කණුව, මාපාකඩවැව ප්‍රදේශයේ වන ලැහැබක තිබියදී පොලිසිය සහ යුද හමුදාව එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී සොයාගෙන තිබේ.

මෘත ශරීරය තිබූ ස්ථානයේ තිබී ඖෂධ වර්ග තුනක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

වෛද්‍යවරයා ඊයේ (23) පෙරවරුවේ සිට අතුරුදන්ව ඇති බවට ලද තොරතුරක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබිණි.

එහිදී ඔහුට අයත් මෝටර් රථය ඊයේ රාත්‍රියේ බදුල්ල–මහියංගනය මාර්ගයේ 17 කණුව ආසන්නයේ තිබී සොයාගෙන තිබේ.

ඒ අනුව පොලිසිය සහ යුද හමුදාව එක්ව සිදුකළ සෙවීම් මෙහෙයුමේදී මෝටර් රථය තිබූ ස්ථානයේ සිට මීටර් 800ක් පමණ දුරින් වන ලැහැබක ගලක් මත තිබූ වෛද්‍යවරයාගේ මෘත ශරීරය අද උදෑසන සොයාගෙන ඇත.

වෛද්‍යවරයා දීර්ඝ කාලයක සිට මානසික ආතතිය සඳහා ඖෂධ ලබාගෙන ඇති බවට ද පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img