Monday, August 24, 2026
HomeNEWSජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම වී ඇති සිරකරුවන්ව වසර 20කින් නිදහස් කිරීමට නිර්දේශයක්

ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම වී ඇති සිරකරුවන්ව වසර 20කින් නිදහස් කිරීමට නිර්දේශයක්

මරණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් හිමිව සිටින රැඳවියන්ට ජනාධිපති පොදු සමාව පිරිනැමීම සඳහා වන විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බන්ධනාගාර නිලධාරීන්, පත්කළ කමිටු සාමාජිකයන් ඇතුළු ක්ෂේත්‍රයේ සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් වැලිකඩ බන්ධනාගාරයේදී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙම විශේෂ කමිටුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර තිබූ අතර, අදාළ විධිමත් ක්‍රමවේදය සකස් කිරීම සඳහා කමිටු සාමාජිකයන් මාස දහයක කාලයක් පුරා දීර්ඝ අධ්‍යයනයක නිරත වී ඇත.

ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රියාවලිය සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම, මරණ දඬුවම නියමවී සිටින රැඳවියන්ගේ දඬුවම් කාලය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට ලිහිල් කිරීම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින පිරිස්වල දඬුවම් කාලය වසර 20 ක් දක්වා අඩු කිරීම සහ රැඳවියන් සඳහා නිවාස නිවාඩු ලබාදීම මෙම කමිටු වාර්තාවේ ප්‍රධාන නිර්දේශ අතර වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පේරාදෙණිය සරසවිය නැවතත් ශ්‍රී ලංකාවේ අංක එකට

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලය, නැවත වරක් ජාත්‍යන්තර වශයෙන් සිය අධ්‍යයන හා පර්යේෂණ විශිෂ්ටත්වය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල...

ත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට සැලසුම්

ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව වයස අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ...

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් ප්‍රකාශ කර...

තැන තැන සිදුවන මාරක අනතුරු

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (23)  එම අනතුරු සිදුව තිබුණේ උහන, නුවරඑළිය, වීරඹුගෙදර සහ හබරාදූව යන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img