Thursday, October 29, 2026
HomeNEWSජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම වී ඇති සිරකරුවන්ව වසර 20කින් නිදහස් කිරීමට නිර්දේශයක්

ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම වී ඇති සිරකරුවන්ව වසර 20කින් නිදහස් කිරීමට නිර්දේශයක්

මරණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් හිමිව සිටින රැඳවියන්ට ජනාධිපති පොදු සමාව පිරිනැමීම සඳහා වන විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බන්ධනාගාර නිලධාරීන්, පත්කළ කමිටු සාමාජිකයන් ඇතුළු ක්ෂේත්‍රයේ සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් වැලිකඩ බන්ධනාගාරයේදී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙම විශේෂ කමිටුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර තිබූ අතර, අදාළ විධිමත් ක්‍රමවේදය සකස් කිරීම සඳහා කමිටු සාමාජිකයන් මාස දහයක කාලයක් පුරා දීර්ඝ අධ්‍යයනයක නිරත වී ඇත.

ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රියාවලිය සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම, මරණ දඬුවම නියමවී සිටින රැඳවියන්ගේ දඬුවම් කාලය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට ලිහිල් කිරීම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින පිරිස්වල දඬුවම් කාලය වසර 20 ක් දක්වා අඩු කිරීම සහ රැඳවියන් සඳහා නිවාස නිවාඩු ලබාදීම මෙම කමිටු වාර්තාවේ ප්‍රධාන නිර්දේශ අතර වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img