Monday, August 24, 2026
HomeNEWSමහා සංඝරත්නයේ නිවැරදි මගපෙන්වීම සමාජයේ ඉදිරි ගමනට මහත් ශක්තියක් - අගමැති හරිනි

මහා සංඝරත්නයේ නිවැරදි මගපෙන්වීම සමාජයේ ඉදිරි ගමනට මහත් ශක්තියක් – අගමැති හරිනි

ගිහි ජනතාව පංචශීලයේ පිහිටුවමින් වෛරයෙන් හා ක්‍රෝධයෙන් තොර අධ්‍යාත්මිකව පිරිපුන් ප්‍රජාවක් නිර්මාණය කිරීමේ විශාල වගකීමක් මහා සංඝරත්නය වෙත පැවරී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

වර්තමාන තරගකාරි සමාජය තුළ සහකම්පනය, සංයමය, සත්‍යගරුක බව සහ ආත්ම දමනය පෙරදැරි කරගෙන කටයුතු කිරීමේ වැදගත්කම වෙනදාටත් වඩා අද තදින්ම දැනෙමින් පවතින බව එතුමිය පවසයි.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ  ඊයේ (23) පැවති  සියනෑ හා හාපිටිගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ රාජකීය පණ්ඩිත, පූජ්‍ය බැලුම්මහර ඉන්දානන්ද හිමිපාණන් වහන්සේ වෙත “සද්ධර්මකීර්ති ශ්‍රී අනෝමදස්සි” ගෞරව නාමය සහිත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

අපගේ සංස්කෘතික, අධ්‍යාත්මික සහ සමාජයීය පදනම සුරක්ෂිත කළ ප්‍රධාන නියමුවාණන් වහන්සේලා වන්නේ මහා සංඝරත්නය බවත් රටක් ලෙස අප මුහුණ දෙන සංකීර්ණ ආර්ථික හා සමාජීය අභියෝග ජයගැනීමට නම් සදාචාරාත්මක පදනම මත පිහිටි හික්මුණු, නීතිගරුක සමාජයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බවත් ඇය පවසයි.

ගැටලු හමුවේ කෝප නොවී සන්සුන්ව හා ප්‍රඥාවෙන් යුතුව තීරණ ගැනීමටත්, ඉවසීම සහ මධ්‍යස්ථභාවය පෙරදැරි කරගෙන ඉදිරියට යාමටත් මහා සංඝරත්නයේ උපදෙස් හා මගපෙන්වීම අත්‍යවශ්‍ය බව ඇය පෙන්වා දෙයි.

නව පදවි ලත් බැලුම්මහර ඉන්දානන්ද නායක හිමියන්ගේ සමාජ මෙහෙවර අගය කළ අග්‍රාමාත්‍යතුමිය, උන්වහන්සේ බැන්ඩියමුල්ල ශ්‍රී විද්‍යාශේඛර මහා පිරිවෙනේ පරිවේණාධිපති ලෙස සහ ශ්‍රී සරණංකර දහම් පාසලේ ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කරමින් ගුණධර්මවලින් පිරිපුන් නැණවත් පරපුරක් නිර්මාණය කිරීමට කැපවූ බව ද පැවසුවාය.

එමෙන්ම ත්‍රිපිටක ධර්මය හා ශාස්ත්‍රීය උරුමය සුරකිමින් පාලි භාෂාව ප්‍රවර්ධනය කිරීමටත්, ශාස්ත්‍රීය ග්‍රන්ථ රචනා කිරීමටත්, ගම්පහ ප්‍රාදේශීය කලා මණ්ඩලය සහ තරුණ බෞද්ධ සංගමය වැනි සංවිධානවලට අනුශාසකත්වය දෙමින් සංඝරත්නය කියන්නේ පන්සලට පමණක් සීමා නොවී පොදු ජනතාව වෙනුවෙන් ක්‍රියාකරන නායකත්වයක් බව උන්වහන්සේ ප්‍රායෝගිකවම තහවුරු කර ඇති බවද සඳහන් කළ අග්‍රාමාත්‍යතුමිය, රට නව පරිවර්තනයකට ගෙන යමින් සියලු දෙනාට සමාන හා සාධාරණ සමාජයක් ගොඩනැගීමේදී මහා සංඝරත්නයෙන් ලැබෙන සහයෝගය අගය කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පේරාදෙණිය සරසවිය නැවතත් ශ්‍රී ලංකාවේ අංක එකට

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලය, නැවත වරක් ජාත්‍යන්තර වශයෙන් සිය අධ්‍යයන හා පර්යේෂණ විශිෂ්ටත්වය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල...

ත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට සැලසුම්

ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව වයස අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ...

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් ප්‍රකාශ කර...

තැන තැන සිදුවන මාරක අනතුරු

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (23)  එම අනතුරු සිදුව තිබුණේ උහන, නුවරඑළිය, වීරඹුගෙදර සහ හබරාදූව යන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img