Thursday, October 29, 2026
HomeNEWSගුවන් භාණ්ඩ ප්‍රවාහනය වේගවත් කිරීමට නව ඩිජිටල් වැඩපිළිවෙලක්

ගුවන් භාණ්ඩ ප්‍රවාහනය වේගවත් කිරීමට නව ඩිජිටල් වැඩපිළිවෙලක්

ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ විනිවිදභාවයෙන් යුතු ක්‍රියාවලියක් බවට පත් කිරීමේ අරමුණින් Air Cargo Community System (ACCS) හඳුන්වාදීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ සඳහා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රීලන්කන් ගුවන් සේවය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන සහ පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත බහු පාර්ශ්වකරුවන්ගේ කමිටුවක් ස්ථාපිත කර තිබේ.

2023 වසරේදීද මෙම පද්ධතිය හඳුන්වාදීමට මූලික උත්සාහයක් ගෙන තිබුණද, සියලු පාර්ශ්වකරුවන් අතර ප්‍රමාණවත් සම්බන්ධීකරණයක් සහ එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් එම කටයුතු ඉදිරියට ගෙන යාමට නොහැකි වී තිබිණි.

නව රජය පත්වීමෙන් අනතුරුව අදාළ සියලු පාර්ශ්ව එකම වේදිකාවකට ගෙන එමින් එම වැඩපිළිවෙළ නැවත ක්‍රමවත් ලෙස ආරම්භ කර තිබේ.

මේ වනවිට ACCS හඳුන්වාදීමේ ශක්‍යතාව, තාක්ෂණික අවශ්‍යතා සහ ව්‍යාපාරික අවශ්‍යතා පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරමින් පවතී.

එහි ප්‍රගතිය සම්බන්ධ විශේෂ සමාලෝචන සාකච්ඡාවක් අගෝස්තු 21 වැනිදා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීමෙන් ගුවන් භාණ්ඩ නිෂ්කාශන ක්‍රියාවලියේ ප්‍රමාදයන් සහ අනවශ්‍ය ලේඛන කටයුතු අවම කරමින් ආයතන අතර තොරතුරු හුවමාරුව වේගවත් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමෙන්ම ආනයනකරුවන් සහ අපනයනකරුවන් සඳහා වඩාත් කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුතු සේවාවක් ලබාදීමටත්, ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නංවා රටේ වෙළෙඳ හා ආර්ථික කටයුතු සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීමටත් මෙමගින් හැකි වනු ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img