Thursday, October 29, 2026
HomeNEWSතැන තැන සිදුවන මාරක අනතුරු

තැන තැන සිදුවන මාරක අනතුරු

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

ඊයේ (23)  එම අනතුරු සිදුව තිබුණේ උහන, නුවරඑළිය, වීරඹුගෙදර සහ හබරාදූව යන පොලිස් වසම්වලදීය.

උහන පොලිස් වසමේ අම්පාර-මහනුවර මාර්ගයේ වෑරැන්කැටගොඩ හන්දිය ආසන්නයේදී මහනුවර දෙසට ධාවනය වූ වෑන් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව ගරාජයක් අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ එක් යතුරුපැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, ඔහු 39 හැවිරිදි වෑරැන්කැටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු ද තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කර ඇති අතර, වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර, නුවරඑළිය පොලිස් වසමේ පේරාදෙණිය-චෙන්කල්අඩි මාර්ගයේ කිලෝමීටර් 75 කණුව ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් ඉදිරියෙන් නවතා තිබූ තවත් බස් රථයක ගැටී මාර්ගයේ ගමන් කරමින් සිටි පදිකයෙකුගේ ද ගැටී තිබේ.

බරපතළ තුවාල ලැබූ 46 හැවිරිදි රත්නපුර ප්‍රදේශයේ පදිංචි පදිකයා නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

අනතුරින් බස් රථයේ රියැදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු ද සුළු තුවාල ලබා තිබේ.

වීරඹුගෙදර පොලිස් වසමේ හඳගල ප්‍රදේශයේදී ද යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර, එහිදී 22 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මියගොස් තිබේ.

අනතුරින් තවත් යතුරුපැදිකරුවෙකු සහ පසුපැදිකාරියක් තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.

එමෙන්ම, හබරාදූව පොලිස් වසමේ පොල්දූව ප්‍රදේශයේදී ට්‍රක් රථයක් පාපැදිකරුවෙකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් 63 හැවිරිදි පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

උණවටුන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ට්‍රක් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුරු සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img