Thursday, October 29, 2026
HomeNEWSඅවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මේ සඳහා අනුකූල නොවන සමාගම් සඳහා ගෝලීය ආදායමෙන් 10%ක් දක්වා දඩ මුදල් අය කිරීමටත් ඔහු විසින් යෝජනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එරට දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් සිදුවන හානිය පිළිගත නොහැකි බවය.

සමාජ මාධ්‍ය ඔවුන්ව හානියට පත් කරන මෙන්ම ඇබ්බැහි කරවන සුළු බවත් එය ඔවුන්ට මුහුණ දීමට නොහැකි පීඩනවලට නිරාකරණය කරමින් සිටින බවටත් ඔහු පවසා තිබේ.

මේ හේතුවෙන් ඔවුන්ගේ පවුල් ජීවිතයට මෙන්ම මානසික සෞඛ්‍යට බලපෑම් කරන බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇති අතර ඒ අනුව මෙම පනත් කෙටුම්පත නවසීලන්ත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img