Friday, October 30, 2026
HomeNEWSත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට සැලසුම්

ත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට සැලසුම්

ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව වයස අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.

පාසල් අධ්‍යාපනය අවසන් වූ වහාම තරුණයන් ත්‍රිරෝද රථ පැදවීමට යොමුවීම වැළැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පෙන්වා දෙන්නේ රටේ අනාගතය රැඳී පවතින්නේ දරුවන් මත බවත්, ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත් කළ හැක්කේ දියුණු මානව සම්පතක් නිර්මාණය කිරීමෙන් පමණක් වන බවත් ය.

ඒ අනුව රජයක් ලෙස මානව සම්පත් සංවර්ධනයට ප්‍රමුඛතාව ලබාදෙමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් සිදුකිරීමේ අරමුණින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ද හඳුන්වා දී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා,

”අපේ රටේ අනාගතය රැඳිලා තියෙන්නේ දරුවන්ගේ අතේ. දියුණු මානව සම්පතක් තමා දවසක දියුණු රටක් බවට ලංකාව පත් කරන්නේ. රජයක් හැටියට අපි ප්‍රමුඛත්වය දෙන්නේ මානව සම්පතේ සංවර්ධනයට. ඒ වෙනුවෙන් තමා අධ්‍යපාන ප්‍රතිසංස්කරණ ගෙනත් තියෙන්නේ. මේ අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක් වෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. ඉස්සරහට අපි ත්‍රිවීල් පදින වයසත් 40 දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්කෝලේ ගිහින් ඉවර වුණ ගමන් ත්‍රීවිල් එකක් අරන් පාරට එන්න බෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්ව⁣ා...

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එනවා – විපක්ෂ නායක සජිත්

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට...

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයින් බිහිකිරීමට සැලසුම් සකස් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයන් බිහිකිරීම මෙන්ම නිරෝගී ජනතාවක් වෙනුවෙන් ක්‍රීඩාව ප්‍රවර්ධනයට සැලසුම් සකස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img