Monday, August 24, 2026
HomeNEWSත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට සැලසුම්

ත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට සැලසුම්

ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව වයස අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.

පාසල් අධ්‍යාපනය අවසන් වූ වහාම තරුණයන් ත්‍රිරෝද රථ පැදවීමට යොමුවීම වැළැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පෙන්වා දෙන්නේ රටේ අනාගතය රැඳී පවතින්නේ දරුවන් මත බවත්, ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත් කළ හැක්කේ දියුණු මානව සම්පතක් නිර්මාණය කිරීමෙන් පමණක් වන බවත් ය.

ඒ අනුව රජයක් ලෙස මානව සම්පත් සංවර්ධනයට ප්‍රමුඛතාව ලබාදෙමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් සිදුකිරීමේ අරමුණින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ද හඳුන්වා දී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා,

”අපේ රටේ අනාගතය රැඳිලා තියෙන්නේ දරුවන්ගේ අතේ. දියුණු මානව සම්පතක් තමා දවසක දියුණු රටක් බවට ලංකාව පත් කරන්නේ. රජයක් හැටියට අපි ප්‍රමුඛත්වය දෙන්නේ මානව සම්පතේ සංවර්ධනයට. ඒ වෙනුවෙන් තමා අධ්‍යපාන ප්‍රතිසංස්කරණ ගෙනත් තියෙන්නේ. මේ අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක් වෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. ඉස්සරහට අපි ත්‍රිවීල් පදින වයසත් 40 දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්කෝලේ ගිහින් ඉවර වුණ ගමන් ත්‍රීවිල් එකක් අරන් පාරට එන්න බෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පේරාදෙණිය සරසවිය නැවතත් ශ්‍රී ලංකාවේ අංක එකට

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලය, නැවත වරක් ජාත්‍යන්තර වශයෙන් සිය අධ්‍යයන හා පර්යේෂණ විශිෂ්ටත්වය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල...

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් ප්‍රකාශ කර...

තැන තැන සිදුවන මාරක අනතුරු

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (23)  එම අනතුරු සිදුව තිබුණේ උහන, නුවරඑළිය, වීරඹුගෙදර සහ හබරාදූව යන...

ගුවන් භාණ්ඩ ප්‍රවාහනය වේගවත් කිරීමට නව ඩිජිටල් වැඩපිළිවෙලක්

ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ විනිවිදභාවයෙන් යුතු ක්‍රියාවලියක් බවට පත් කිරීමේ අරමුණින් Air Cargo Community System (ACCS) හඳුන්වාදීම සඳහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img