Monday, August 31, 2026
HomeNEWSඅදානි ට ඉන්දීය ගොවීන්ගේ දැඩි විරෝධය

අදානි ට ඉන්දීය ගොවීන්ගේ දැඩි විරෝධය

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය සඳහා හවුල් කරගැනීමට යෝජනා වී ඇති ඉන්දියානු ව්‍යාපාරික ගෞතම් අදානිට හා ඔහුගේ සමාගමට විරෝධය පළ කරමින් අදත් ඉන්දියාවේ විරෝධතා පැවැත්වුණි.

එම විරෝධතා මේ වන තවත් තීව්‍ර වී තිබේ.

ඉන්දිය ගොවීන්ගේ දැවැන්ත විරෝධතා මාලාවට හේතුව වී ඇත්තේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් පැවති පනත් තුනක් සංශෝධනයට ඉන්දිය ආණ්ඩුව පියවර ගැනීමය.

ගොවි ජනතාව කෙරෙහි රාජ්‍ය වෙත පැවරී තිබූ වගකීම සහ ආරක්ෂාව මෙම නීති සංශෝධනය හරහා ලිහිල් වන බවට ගොවීන් චෝදනා කරයි.

එහි වාසිය ලබා ගනිමින් ඉන්දිය ධන කුවේරයන් වන මුකේෂ් අම්බානි සහ ගෞතම් අදානි කෘෂිකර්මාන්තයට අතපෙවීමට සූදානම් වන බවත් එමගින් ඔවුන් කෘෂිකර්මාන්තය සූරා කෑමට ලක් කරනු ඇති බව ගොවි ජනයා පවසති.

මේ සම්බන්ධයෙන් නවදිල්ලි නුවර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන විරෝධතා තවදුරටත් ක්‍රියාත්මකය.

ඒහි උච්චතම අවස්ථාවට පැමිණෙමින් නව දිල්ලි නුවර සමීපයට ඒකරාශී වී සිටින ගොවී නායකයින් එක් දිනක උපවාසයක්ද පැවැත්වූයේ පනත් සංශෝධන හකුළාගැනීමට රජයට බලකරමිනි.

ඉන්දීය නිදහස් සටනේ පියා ලෙසින් සැලකෙන මහත්මා ගාන්ධිගේ අනුස්මරණ දිනයට සමගාමීව ගොවීන් එම උපවාසය සංවිධානය කර තිබුණි.

ගොවි උපවාසය සඳහා තවදුරටත් ජනතාව ඒකරාශීවීම වැළැක්වීමට නව දිල්ලි අගනුවර යාබද කලාප තුනක අන්තර්ජාල පහසුකම් තාවකාලිකව අත්හිටුවීමට ද ඉන්දිය රජය පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් ගොවි ජනතාව පවසන්නේ සිය අරගලය දිනන තෙක් සටන අත්නොහරින බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img